ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව ගෙනයන ම්ලේච්ඡ යුද්ධය හෙලා දකිමින් දහස් ගණනක් මිනිසුන් පාරට බැස විරෝධය පාමින් සිටින මොහොතක ග්‍රේටා තුන්බර්ග් ඇතුළු පිරිස පලස්තීනයට ආධාර ගෙන ගිය ජුනි 9 වැනිදා මැඩ්ලීන් නෞකාව පැහැර ගත්තේය. ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ මැඩ්ලීන් නෞකාව නෞකාවේ පැමිණෙන පිරිසට පලස්තීනයට ගොඩ බැසීමට අවස්ථාව සලසා නොදෙන බවයි. එය එසේ සිදු වුවහොත් එය පූර්වාදර්ශයට ගෙන ලොව සතර දිගින් පලස්තීනයට ආධාර රැගෙන නැව්වලින් පිරිස් පැමිණෙනු ඇතැයි ඔවුන් අවධාරණය කළේය.
පසුගිය පළමුවැනි දා සිට ලෝකයේම අවධානය යොමුවී තිබුණේ ග්‍රේටා තුන්බර්ග් ඇතුළු පිරිස වෙතය . ඊශ්‍රායලයේ උපක්‍රමශීලීව නෞකාවටත් එහ කිසිවෙකුටත් හානි නොවන ආකාරයට ඔවුන් අත්අඩංගුවට ගත්තේ යම් හානියක් සිදු වූවොත් තමන් වෙත ලෝකයෙන් එල්ල වන බලපෑම අති මහත් එකක් බව දන්නා හෙයිනි.
ඊශ්‍රායලයේ මේ ම්ලේච්ඡ ක්‍රියාවන් වලට එරෙහිව ලෝකය පුරා අදත් විරෝධතාවයන් පැන නැගුණි. ඊට සමගාමීව ලංකාවේදී ද ප්‍රගතිශීලී මිනිසුන් ඊශ්‍රායෙල් ඇමෙරිකානු කෲරත්වයට එරෙහිව හඬ නැගුවාය.
පහත වීඩියෝවෙන් ඔබ දකින්නේ කොළඹ පිහිටි ඊශ්‍රායලයට සම්බන්ධ Chabad House අසල පලස්තීනයේ සාමය ඉල්ලා විරෝධතාවක්.

මෙය තානාපති කාර්යාලයක් නොව ඊශ්‍රායලයේ ආගමික මධ්‍යස්ථානයකි. එසේ වුවද මේ සඳහ ලබා දී තිබෙන ආරක්ෂාව විදෙස් තානාපති කාර්යාලයකට ලබා දී තිබෙන ආරක්ෂාවට සමාන වේ. උද්ඝෝෂකයන් මෙහිදී ප්‍රශ්න කර සිටියේ මෙවැනි ස්ථානයකට මෙවැනි ආරක්ෂාවක් ලබාදීමට ශ්‍රී ලංකා රජයට ඇති උවමනාව කුමක් ද යන්නයි. උද්ඝෝෂණය විසුරුවා හරින්නට පොලිසියද මැදිහත්වූ අතර උද්ඝෝෂකයන් සහ පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවන බව දුටුවෙමි.
අවහිරතා නොතකමින්, ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යාමට උත්සහ කරමින් තිබූ යාත්‍රාවකට ඊශ්‍රායල් හමුදා ගොඩ වූ බව ක්‍රියාකාරීහු පවසති.