ඉබි ගමනින් යන 11දෙනෙකු පැහැර ගැනීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න නම් කරයි

2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබාගැනීමේ අරමුණින් දෙමළ තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ කුප්‍රකට සිදුවීම සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු ලෙස හිටපු නාවික හමුදාපති සහ ත්‍රිවිධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නැවතත් පත්කර තිබේ.

මෙම අපරාධයේ ප්‍රධාන වරෙන්තුකරුවෙකු වූ ‘නේවී සම්පත්’ හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නීතියෙන් බේරී සැඟවී සිටීමට සහ රටින් පලායාමට ආධාර අනුබල දීමේ බරපතළ චෝදනාව මත, රවීන්ද්‍ර විජේගුණරත්න යළිත් වරක් මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව, එළඹෙන ජූලි මාසයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු නාවික හමුදාපතිවරයා වෙත කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අද (ජූනි 10) සිතාසි නිකුත් කරනු ලැබීය.

2024 ජනවාරි 03 වැනිදා එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ සංජේ රාජරත්නම් ගේ සෘජු උපදෙස් මත රවීන්ද්‍ර විජේගුණරත්න ව සැකකාරීත්වයෙන් මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු කර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධව විශාල ආන්දෝලනයක් ඇතිවිය.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන සහ අගතියට පත් පාර්ශවයේ සාධාරණ විරෝධතා සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, ඉකුත් අප්‍රේල් 29 වනදා CID යට නියෝග කළේ හිටපු නාවික හමුදාපතිවරයාව යළිත් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙසයි.

එසේම මෙම නඩු වසර ගණන් ඇදීයාම සම්බන්ධයෙන්ද සමාජයේ අවධානය යොමුවිය යුතුය. මෙම නඩුව ලබන නොවැම්බර් 02දා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ. අධිචෝදනා පත්‍රයේ නම දක්වා ඇති හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ හැර අනෙකුත් විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිට නැත. එයට හේතුව නඩුවේ 14 වැනි සැකකරු ලෙස තමා නම් කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබීමයි.

මේ ආකාරයට මෙම නඩු අධිකරණයේ විවිධ නීති තර්ක මැද දිනෙන් දින කල් දමමින් තිබේ. මෙවැනි නඩු යුධ සමයේ සහ ඉන්පසුව මිලිටරිය විසින් සිදුකළ අපරාධ සම්බන්ධ වැදගත් සාක්ෂි සපයයි. නමුත් ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ දේශපාලන අධිකාරියේ ද අවධානය යොමුවී ඇත්තේ ඉතා අඩුවෙන් බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...