හිංසකයන් ‘අනංගයන්’ කිරීමේ කතාව

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ⁣සේවිකාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කණිෂ්ක සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර ඊයේ (30) දින නියෝග කර තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් සිදුකල විමර්ශනයකින් පසු පාර්ලිමේන්තුවේ සේවය කල කණිෂ්ට සේවකයන් වන අදාල සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබුණි.

එම ලිංගික හිංසනයට පත් කිරීම වර්ෂ 2022 දි පමණ සිදුව ඇති බවත් පැවසේ.

මෙම පුවත මාධ්‍ය කිහිපයකම වාර්තා කර තිබූ අතර එම බොහොමයක් මාධ්‍ය එය වාර්තා කර තිබුනේ ‘පාර්ලිමේන්තුවේ අනංගයන් ‘ අත්අඩංගුවට ගත් බව සඳහන් සිරස්තලවලිනි. ඒ අනුව ලිංගික හිංසන සිදුකිරීමේ චෝදනාවට ලක්වූ සැකකරුවන් අනංගයන් ලෙස හඳුන්වා තිබුණි.

පුරාවෘත්ත කතාවලට අනුව අනංගයා යනු ප්‍රේමයට අධිපති දෙවියෙකි. ලිංගික හිංසනවලට අධිපති දෙවියා නොවේ. ලිංගික හිංසන සහ ප්‍රේමය අතර සම්බන්ධයක් නැත. කිසිවෙකු ප්‍රේමය නිසා කාන්තාවන් හිංසනයට ලක් නොකරයි. මන්ද ප්‍රේමයක් පවතිනෙන්නේ නම් එතන හිංසනයට ඉඩක් නැත.

මෙම සැකකරුවන් අනංගයන් නොව හිංසකයන් ලෙස හැදින්වීම වඩා නිවැරදිය.

මෙවැනි ආකාරයේ වැරදි හැඳින්වීම් යෙදීම පිටුපස ලිංගික හිංසන පිළිබද ඇති වැරදි අවබෝධයද පවතින බව පෙනෙන්නට තිබේ. අනෙකුත් හිංසනයකදී මෙන්ම ලිංගික හිංසනයකදී ද හිංසනයට ලක්වෙන තැනැත්තා පීඩාවට පත්වන බව අප වටහා ගත යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...