අම්පාරේ ට්‍රැක්ටර් අනතුර – විදුහල්පති ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති බැවින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට කරුණු හෙළි වී ඇති බවයි.

කෙසේවෙතත්, බස් රථය ධාවනය කිරීම නතර කර ඇත්තේ ද ඒ වනවිට පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් බවත් එවැනි පසුබිමක, මගීන් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයකට මුදල් ලබා දී දරුවන් නිවෙස් වෙත රැගෙනයෑමට උපදෙස් ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවත් පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මාර්ගය අවදානම් බැවින් ට්‍රැක්ටර් රථයෙන් දරුවන් ප්‍රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ලබාදී තිබූ බවද පොලීසිය සඳහන් කරනවා.

අනතුරුව, අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී සිසුන් 11 දෙනෙකු සමඟ අදාළ ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීයෑගොස් තිබූ අතර එම අවස්ථාවේදී සිසුන් 5 දෙනෙකු දිවි බේරාගෙන තිබුණා.

තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වූ අතර මේ වන විට ඉන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් 6 දෙනෙක්.

එම පිරිස අතර සිටි තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර, සැඩ පහරට හසුවුණු ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු අද (28) උදෑසන වන විට සොයාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...