විමල් වීරවංශ සලේව නිදහස් කරගන්න දඟලද්දී ශෂී වීරවංශ බරපතළ වැඩ ඇතිව ඇතුළට 

ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඬුවම් නියම වුණා . එසේ නියම වුනු බරපතල වැඩ සහිත සිරදඬුවමට සහ දඩයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද ජුනි11 වනදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ශෂී වීරවංශ වරදකාරිය බවට පත්කළේ 2022 මැයි 27 වැනිදා කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා  විසිනි. ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය තමයි අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

රුපියල් ලක්ෂයක දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ඇතුළුව වසර දෙකහමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඇයට විඳින්න සිද්ධ වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...