විමල් වීරවංශ සලේව නිදහස් කරගන්න දඟලද්දී ශෂී වීරවංශ බරපතළ වැඩ ඇතිව ඇතුළට 

ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඬුවම් නියම වුණා . එසේ නියම වුනු බරපතල වැඩ සහිත සිරදඬුවමට සහ දඩයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද ජුනි11 වනදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ශෂී වීරවංශ වරදකාරිය බවට පත්කළේ 2022 මැයි 27 වැනිදා කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා  විසිනි. ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය තමයි අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

රුපියල් ලක්ෂයක දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ඇතුළුව වසර දෙකහමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඇයට විඳින්න සිද්ධ වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...