PSTA වෙනුවෙන් ආණ්ඩුවයි යුරෝපා සංගමයයි එක මිටට

PTA පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට ගැළපෙන නව නීති පද්ධතියක් හඳුන්වා දීම සඳහා වන පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් 2026 අගෝස්තු මාසයට පෙර ඉදිරිපත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් යුරෝපා සංගමය (EU) විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන GSP+ බදු සහනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සූදානම් වන බවද සඳහන් කර ඇත.

මෙරට මානව හිමිකම් තත්ත්වය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව දිගින් දිගටම විමර්ශනය කරන යුරෝපා කොමිසම, GSP+ සහනය දීර්ඝ කිරීම පිළිබඳව මෙතෙක් පැවති ලිහිල් ප්‍රතිපත්තිය වෙනස් කරමින් “සැලකිලිමත් සහ දැඩි තීරණයකට” එළඹීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම, වසර ගණනාවක් පුරා ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම හෝ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම යුරෝපා සංගමයේ ප්‍රධානතම කොන්දේසියක්ව පවතී.

ලැබෙන තොරතුරුවලට අනුව, යම් හෙයකින් එම කාලසීමාව තුළ සාධනීය ප්‍රගතියක් පෙන්වීමට ලංකාව අපොහොසත් වුවහොත්, මෙරට ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් වන ඇඟලුම් කර්මාන්තයට මරු පහරක් එල්ල කරමින් GSP+ සහනය අත්හිටුවීමට හෝ තාවකාලිකව අවලංගු කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන අවසන් නිල ප්‍රකාශය යුරෝපා කොමිසම සහ සාමාජික රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව නිකුත් කිරීමට නියමිතය.

බැලු බැල්මට යුරෝපා සංගමයේ මෙම මැදිහත්වීම සාධනීය බව පෙනේ. නමුත් මෙම පුවත විමසිල්ලෙන් කියවා බැලූ කල පෙනෙන්නේ යුරෝපා සංගමය මේ කියන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත හෙවත් PSTA ගෙනෙන ලෙස බවයි. ඒ අනුව මෙම යෝජනාවේ කිසිදු ප්‍රගතිශීලීතත්වයක් නැත. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේද PTA අහෝසි කර PSTA ගෙනෙන බවයි. යුරෝපා කොමිසම මේ දෙමින් සිටින්නේ ඒ සඳහා තල්ලුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...