පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම දැඩි දෝෂ දර්ශනයට ලක් කොට ඇති බව බීබීසී සිංහල සේවය වාර්තා කර තිබේ.
මෙලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියා කලාපය බරපතළ ලෙස විවේචනය කරමින් දෝෂදර්ශනයට ලක් කර ඇත්තේ අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි කටයුතු විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය.
මෙම රැස්වීම ආරම්භයේදී ම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය අමතමින් පවසා ඇත්තේ, දැරියක දූෂණය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය පොලිසියේ විමර්ශන පිළිබඳව විවේචනය කරමින් කරුණු දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යවත් කර ඇති බව ය.
කෙසේවෙතත් දැන් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය දැන් මෙම BBC ලිපිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර තිබේ.
මෙම හමුව සම්බන්ධයෙන් ආණ්ඩුව පළකර ඇති නිවේදනයේ ඉතා කෙටියෙන් සඳහන් වන්නේ මෙම නඩුව සම්බන්ධ විමර්ශනවලදී අධිකරණ නියෝග අනුව කටයුතු කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බවත්, දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස උපදෙස් දුන් බව වැනි කරුණුයි.
මෙම සාකච්ඡාව රූපගත කිරීම තහනම් කර තිබූ බවද මෙම සාකච්ඡා වූ කරුණු කිසිම පාර්ශවයකට හෙළිනොකරන ලෙස ඉල්ලා තිබූ බවද BBC පුවත් වාර්තාවේම දැක්වේ.
ආණ්ඩුව දිගටම ඇදගෙන නාන්නේ මේ ආකාරයටයි. මෙම නඩුව සම්බන්ධයෙන් බොහෝ සමාජ අවධානයක් යොමුවී තිබේ. එවැනි මොහොතක ආණ්ඩුව කළ යුත්තේ ආණ්ඩුවේ ස්ථාවර ඍජුව මහජනතාව වෙත පැවසීමයි. උදාහරණයකට ප්‍රජාත්නත්‍රවාදය ගැන විශ්වාසය තබන ආණ්ඩුවක් නම් කළ යුත්තේ මෙම සාකච්ඡාවේ නිල වාර්තා ප්‍රසිද්ධ කිරීමයි. අනිත් කරණය වන්නේ මෙම අපයෝජන සිදුවීමේදී ආණ්ඩුවේ නිහඬතාවය සහ පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය. එම විවේචන සඳහා පිළිතුරක් මෙම සාකච්ඡා හොර රහසේ කිරීමෙන් ලැබෙන්න නැත. ඒ වෙනුවට ආණ්ඩුව තවත් ඇදගෙන නගන්නා බවනම් පැහැදිලිය.






