Day: April 10, 2024

  • ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ  

    ඉතාලියේ ලාංකිකයන් මුහුණ දෙන රියදුරු බලපත් ගැටලුව විසඳිය යුතු මඟ  

    ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන පොදු ගැටළුවක් බවට පත් වී තිබෙන ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රය බවට පරිවර්තනය කර ගැනීමට තිබූ ප්‍රතිපාදන අහෝසි වීමේ ගැටලුව මේ වන විට උඩුදුවා තිබේ .  බොහෝ පිරිසකට රැකියා අහිමි වීම නිසා වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුවී තිබේ . තානාපතිවරයා විවිධ හේතු ඉදිරිපත් කරමින් මේ ගැටලුව දිගින් දිගටම තමන්ගේ නොවෙන බව අඟවන්නට උත්සාහ දරන අතර  ලංකා රජය මීට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බවක්ද පෙනෙන්නට නොතිබේ . . එවන් තත්ත්වයක් තුළ  අප නිහඬව බලා සිටිය යුතුද ?

  • නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ – යසිකා විජේසිංහ

    නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ – යසිකා විජේසිංහ

    ලක්ෂ්මී අබයසේකර මගේ දයාබර මිතුරියගේ “නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ” කාව්‍ය සංග්‍රහය මා අතට ලැබී, එය රසවිඳ බොහෝ දිනක් ගත වුවද ඒ ගැන වචනයක් ලිවීමට පමා වීම ගැන පළමුව ඇයගෙන් සමාව අයදිමි.

    ඇත්තෙන්ම කවි පොත කියවා අවසන් කරන්නට ගත වූයේ කෙටි කාලයකි. එහි කෙටි කවි ගණනින් හැට දෙකකි. එහෙත් ඒ කවි කෙටි වූ නමුත් එහි ඇති ගැඹුර නැවත නැවතත් කිමිදෙන්නට හැකි තරම්ය.

    ” පරව යන බව
    දැන දැනම
    ඔබේ උයනෙත්
    මල් පිපෙන්නට
    ඉඩ දෙන්න “

    මේ මගේ ඇස මෙන්ම හිත නතර වූ පළමු කවියයි.

    ඇවිත් යන ශීත සෘතුව
    ඇවිත් යන්නට යළි ඇවිත්..

    මල් හිඳුන පත් ලිහුන
    තුරු ලතා දුක්බරය
    රාත්‍රිය දිග වැඩිය
    මහ දවාලෙහි පවා
    ඉර වුනත් නිදිබරය

    වසන්තය එන්න නම්
    ශීත සෘතුව ඇවිත්
    දුක කියා යා යුතුය

    මේ කාව්‍ය සංග්‍රහයේ හය වන කවියයි..ලක්ෂ්මී ගේ කවි වල බොහෝ විට ඇත්තේ පරිසරය හා බැඳුනු අපූරු සිතුවමකි.
    එය,අපේ රටට නුහුරු වන්නට හැකි නමුත් එයින් ව්‍යංගයෙන් කියවෙන අපේ ජීවිත කතාව කිසිදු වෙනසක් නොමැතිව ලොව ඕනෑම තැනක ඉඳ අපට ගලපා ගත හැකි බව මගේ අදහසයි. කෙටි වචන කිහිපයකට මෙතරම් දෙයක් කල හැකි දැයි මම තවමත් සිතමි. ලක්ෂ්මී ගේ කවියක් දෑස් වසාගෙන මනසින් විඳිය යුතුය..ඒ වර්ණ ..ඒ කුඩා කුඩා වචන වලින් ඇය මවනා අපූරු සිතුවම් අප දෑස් ඉදිරියේ මැවෙනවා නොඅනුමානය.

    දොලොස් වන කවිය මගේ සිතෙහි මැවුනේ ආදරය දුරස් වී ගිය විවාහ දිවියේ නේක හැල හැප්පීම් මැද අතරමං වූ ගැහැනියකගේ කතාවකි. ඇතැම්විට මා දුටු අරුත ලක්ෂ්මී අදහස් කල දෙයින් වෙනස්විය හැක.

    නූතන දඩයක්කාරයා ( දහසය වන කවිය) එයද මා සිත් ගත් නිර්මාණයකි. නූතනයේ ගැහැනුන් ගොදුරු වන එක් අනතුරක සේයාව ඇය නිර්මාණශීලී අයුරින් පෙන්වා ඇත.

    ඒ හිතම
    මල් උයනක්
    උයන්පල්ලා
    නිසි ලෙස
    රැක බලා ගත්

    නොරිද්දා මල් පෙති
    නො ඉල්ලා මල් ඉති
    රැගෙන යා හැකිය ඔබටත්
    සුවඳ නම් ඇති තරම්

    ( දහනව වැනි කවිය)

    ගමන් මග අතරමග
    අතරමං විය යුතුමය
    ජීවිතය හරි හැටි
    දකින්නට..
    ( පනස් වැනි කවියෙන්)

    ලක්ෂ්මී..සටහන් කරනවා නම් මගේ ඇසත් හිතත් නතර වූ ඔබේ කවි පොතේ මෙවැනි අපූරු කවි බොහෝය. කියවා අවසන් යැයි නොකියා නැවත නැවතත් කිමිදෙමින් රස විඳිය හැකි කාව්‍ය සංග්‍රහයක් අප වෙත දායාද කල ඔබට මගේ හිත පුරාම සුබ පැතුම් සමගින් ස්තුතිය පිරි නමමි.
    ඔබ කියා ඇති දේ ඇත්තය..නියඟය පවා වැහි වලාකුළකින් දිය කල හැකිය. නැවතත් මෙවන් කවි වලට පන පොවන්නට ඔබට ශක්තියත් ධෛර්යයත් පතමි..

  • අදින සිතුවම් පාට කන්න – නිමාලි  දිල්රුක්ෂී

    අදින සිතුවම් පාට කන්න – නිමාලි දිල්රුක්ෂී

    විඩා බර
    සිතුවිලි මත
    අදින සිතුවම්
    පාට කරලන්නට
    හැකි නම්
    පාට කරලමි
    නොසිතා දෙවරක්
    මෙමන්

    නොනිදා රැය පහන්කරන
    නෙතු අද්දර දැවටී
    පාට පාට හීන මවා
    ඒ සිහින බොද කර නොයානම්
    නිදන නෙතු යුගට
    සැනසුම වී නෙතු අද්දර
    සිනා මවන්නම්

    වසා තැබූ හදේ දොරගුළු
    විවර කලේ නුඹට මන්
    තලා සුණු විසුනු කර යන්නට
    නොවෙයි සිතේ සිතුම් මල්
    මලක පාට ගෙන
    අදින්නට හැකිනම්
    සිතේ සිතුවම්
    අදිම් හැඩකර
    මවා සියුම් කැටයම්

    ගයන්නට පුළුවන් නම්
    ගීතය විහගකෙකුගෙ නදින්
    ගයම් රස කර
    නුඹගෙ නමින්
    හදේ නැගුන
    මෙතෙක් නොලියූ ගිතය
    ලියා පන්හිද තුඩගින්

    ගිමන නිවන
    සිහිල් සුළං රැල්ලක්
    වී ගත දැවටෙන්නට
    පුළුවන් නම්
    තුරු ගිරි හිස්
    පසු කර ඇවිදින්
    සිහිල් නළරැල්ලක් වී
    දැවටී ඉන්නම්

    සද නැති දවසක
    ගණ දුර මකන
    තාරකාවක් වී
    ඉන්නට පුළුවන් නම්
    තාරකාවක් වී
    අහසෙ දිලෙන්නම්

    බිදුවකදු නොවටින බව
    හැගේ නම්
    තලා පෙලා සිත
    මකා සිතුවම්
    නිවා දමා තරු එළි
    දාහයම දී
    යන්න යන්නම
    ඈතට
    ගොතා කුමටද
    මෙමන්
    තවත් කවිකම්

    නිහඩවම ලියා
    ගොළු ගීත
    මතක මංචකයෙහි
    තබා මතක බණවර
    මායිමක් නොපෙනෙන
    සිතිජ ඉම
    ඉර සැගවුනාදෙන්

     

  • සජිත් ශ්‍රී ලක්මාල් ලියු වල්මත් වු අරලගයේ අතර මං වු නායකත්වය කෘතිය මහජනයා අතට

    සජිත් ශ්‍රී ලක්මාල් ලියු වල්මත් වු අරලගයේ අතර මං වු නායකත්වය කෘතිය මහජනයා අතට

    ලංකා ඉතිහාසයේ සිිිදු වු දැවැන්තම මහජන නැගිටිම වන ගාලුමුවදොර අරගලයට සක්‍රීය ලෙස මැදිහත් වු හා එහි නායකයේකු වු සජිත් ශ්‍රී ලක්මාල් සහෝදරයා විසින් රචිත “වල්මත් අරගලයේ අතර මං වු නායකත්වය” කෘතිය පසු ‌ගිය මාර්තු 31 ඇහැලියගොඩ පරකඩුව බෝදිමලුව ගම ගෙදර හෝටල් පරිශ්‍රයේදී මහජනයා අතට පත් කරන ලදි.

    මෙම අවස්ථාවට දේශපාලන උනන්දුවක් දක්වන සහ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වී සිටියහ .
    වල්මත් වු අරගලයේ අතර මං වු නායකත්වය කෘතිය ලියු සජිත් සහෝදරයා විසින්ම එම කෘතිය පිළිබදව කෙටි හැදින්විමක් හා අරගලය වමේ දිශානතියක් කරා රැගෙන යාමට අපොහොසත් වු නායකත්ව අර්බුදය ගැන ද කතා කළේය .

    මාධ්‍යවේදියෙකු මෙන්ම ‌වමේ දේශපාලන ක්‍රියාධරයෙකු වන ශාන්ත විජේසුරිය ලැබුණු ආරාධනාවක් මත සංවාදයට ඒක්වෙමෙින් අරලගය කියන්නේ වල්මත් එකාක් නොවෙයි . මම එක පිළිගන්නේ නැහැ අරගලයට කම්කරු -පීඩිත මහජනයා සහභාගි වුණේ භෞතිකව ඔවුන් ඒ වන විටත් මුහුණ දි තිබුණ ආර්ථික ප්‍රශ්න හේතු කොට ගෙන. අරගලයට සහභාගි වු අතිබහුතරයක් මහජනයා ඒ කාරණය ගැන සවිඥානිකයි . අවිඥානික නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 එපා කියන්නේ නැහැ . වාම් කියා ගන්නා කිසිදු පක්ෂයට වමේ ඉදිරි දර්ශනයක් තිබුණේ නැහැ . ගාලුමුවදොර අරගල කියන්නේ වම පිළිබද සිදු කළ ලිට්ස්මස් පරික්ෂණයක් .ඇත්තටම නායකත්වය අතර මං වුණා ද? පාවා දුන්නාද? නායකත්වය අතර මං වුනා කියන කොට ඒ ඒ දේශපාලන පක්ෂ වල පංති ස්වභාවයන් අමතක කර සිදු කරන සුළු ධනේශ්වර කියවිමක් . වමේ කියා ගන්නා පක්ෂ දැනුවත්ව සිදු කළේ අරගලය දැනුවත්ව අඩුකදේ ගැසිමයි . දැන් අපට අපොහොකවාදී දැක්මක් හා සමාජවාදි ඉදිරිදර්ශනයක් සහිත පක්ෂයක් අවශ්‍යයි. ඒ පක්ෂය නිර්මාණය නොකළොත් අනාගත අරගලයට වෙන්නේ ගාලුමුවදොර අරගලයට වෙච්ච දේම තමා . කොළඹ ක්‍රියාකාරී කමිටුව ඒ සදහා කැප වී වැඩ කරනවා.

    දැන් අරගලයට හතුරු වු අය කුමන්ත්‍රණ ගැන කතා කරනවා . ජුලි 09 යේ පසු බැසිමත් සමග ධනපති කේවටයෝ වගේම කම්කරු -පීඩිත ජනතාව වෙනුවෙන් ව්‍යාජ ලෙස පෙනි සිටි අපිත් සමග සිටි සමහරු ගාලුමුවදොර අරගලය කුමන්ත්‍රණයක් කිවවේ විමල් වීරවංශ සහ හිටපු ජනාධිපති ගෝඨාභය අරගලය කුමන්ත්‍රණයක් කියන්නට පෙරය . කම්කරු- පීඩිත මහජනයා පාර අවේ කුමන්ත්‍රණයක කොටස්කකරුවන්ව වශයෙන් නොව ගෑස් ,විදුලිය අතවශ්‍ය ආහාරසහපො‌හොර ඉල්ලා ගෙනය . ලෝකයේ සතුටින්ම ජිවත් වන මහජන ඉන්නා බව කියන්නේ පින්ලන්තයෙ ලු . ලංකාව ඒවැනි රටක් වුණා ගෝඨාභයට විරුද්ධව ක්‍රමන්ත්‍රණ දියත් කළ හැකිද? එහෙම වුනොත් එක අහම්බයක් . ගාලුමුවදොර අරගලය කියන්නේ කම්කරු ,ශිෂයෝ ,තරුණයෝ සහ පීඩිත ජනයා ඉතාමත් සවිඥානිකව සහභාගි වු අරගලයක් . අරගලය කුමන්ත්‍රණයක් නොව අරගලය ඇතුලේ කුමන්ත්‍රණ දියත් වු බව අතිශ්‍යයොක්තියක් නොවෙයි . එහෙම සිදු වුණා නම් ඒ පළමු සහ අවසන් රටත් ලංකාව නොවෙයි . අරගලයට හේතු ධනපති පාලකයන්ගේ අසමත් කම නොව විදේශ බලවේග විසින් නිර්මානය කරන ලද්දක් කියා මහජන අරගලය යටපත් කිරීමටත් ඊට සහභාගි වු මිලියන ගණනක් ජනතාව කුමන්ත්‍රණයකට හසු වු කුමන්ත්‍රණකරුවන් යැයි හංවඩු ගසා ගෝඨාභය ඇතුළු ඔහුගේ කේවටයෝ එහි වගකිම කම්කරු -පීඩිත මහජනයා වෙතපැටවීමට දරණ කුහක ප්‍රයත්නයක් වගේ මේක තමා සැබෑ කුමන්ත්‍රණය.
    මෙම පොග ජනතාව අතරට පත් කරන අවස්ථාවට සහභාගි සිටි සමාජවාදි පක්ෂයේ නායක මහින්ද දේවගේ සහෝදරයා ඇතුළු සහෝදරවරුන්ද සංවාදයට එක් වෙමින් සංවාදය පොහොසත් කළහ .