පුරාවෘත්තයක් නිමාවෙයි. ලතා මංගේෂ්කාර් 1929 – 2022

Date:

සිය ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කළ ඉන්දියාවේ ගෞරවාදරයට පාත්‍ර වූ ගායිකාවක් වන ලතා මංගේෂ්කාර් වයස අවුරුදු 92 දී සිය මධුර ස්වරය නිහඬ කලා. කොවිඩ් -19 ආසාධිත වීමෙන් පසු ඇය ජනවාරි මාසයේදී මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර තිබුණා. ලතා ජී භාෂා 36කින් ගීත 30,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් දශක හතක කාලයක් පුරා දිවෙන අසාමාන්‍ය වෘත්තීය ජීවිතයකට හිමිකම් කීවා.

ඇය ගෞරවයට පාත්‍රවූ සම්මානයන් අතර භාරත රත්න, පද්ම විභූෂණ, පද්ම භූෂණ, ෆිල්ම් ෆෙයාර් සම්මාන 07 වතාවක්, ජාතික සිනමා සම්මාන 04 වතාවක්, බෙංගාලි ජනමාධ්‍ය සංගම් සම්මාන 14 වතාවක්, මහාරාෂ්ට්‍ර සිනමා සම්මාන 05 වතාවක් ආදී වශයෙන් සම්මාන 81ක් තිබෙන අතර සම්මාන සඳහා 98 වතාවක් නිර්දේශවී තිබෙනවා.

1942 වසරේ දී ගායන ක්ෂේත්‍රයට පිවිසුන ඇය, දශක හතක් පුරා දිවෙන දිගු වෘත්තීය ජීවිතය තුළ ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට කල දායකත්වය නිසා ඇයට Nightingale of India සහ Queen of Melody වැනි ගෞරව නාමයන් පවා හිමිවුණා. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම මෙන් වඩාත් බලපෑම් සහගත ගායිකාව ලෙසද ඇය සැලකෙනවා. ලතා ජී 1999 සිට 2005 දක්වා ඉන්දියාවේ රාජ්‍යසභාව ද නියෝජනය කලා.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...