ගෑණු පිරිමි මල් පලතුරු- පිරිමි නැතුව බෑ සුමිතුරු

විවිධත්වය ලෝකය ලස්සන කරයි.බෙදීම් විවිධත්වය මවයි.

ලොව නේක බෙදීම් අතර ස්ත්‍රී පුරුෂ බෙදීම ප්‍රබලය.සුන්දරය.අනුරාගිකය.

කවුරු කොහොම තර්ක කළත් ගැහැණුන්ට ආවේණික ගති හා පිරිමින්ට ආවේණික ගති ඇත.

ගැහැණු සුන්දරත්වය ලාලිත්‍ය තුළින් ගොඩනැඑද්දී පිරිමි මෘදුබව මිශ්‍රිත දැඩිබව ලෝකය හැඩ කරයි.

මේ බෙදීමේ හැඩය අහිමිවන වෘත්තීය ක්ෂේත්‍ර දෙකක් මූලිකවම හඳුනාගත හැක.එනම් අධ්‍යාපන හා හෙද සේවයයි.

කෙල්ලන් මෙන්ම කොල්ලෝ ද පිරිමි ගුරුවරුන්ට කැමතිය.එහෙත් ගුරු ක්ෂේත්‍රය තුළ පිරිමි ගුරු දායකත්වය යන්නේ පහළටය.

ප්‍රාථමික පංතිවලදී කොල්ලන්ට කොළු ගුරුවරයෙක් ලැබීම වක්‍රව අනන්‍යතාවය ,පෞරුෂය සඳහා බලපායි.

ද්විතීයික පංතිවලදී කොල්ලන් මෙන්ම කෙල්ලන්ට පිරිමි ගුරුවරයා මිතුරෙකි.එය හැඟීම් පෙළීමට වඩා මුදාහැරීමට පහසුවකි.

පංති කාමර පිරිමි ඇසුර ඈත්වීම දරුවන්ගේ ජීවිත ගොඩනැගීමේදී සියුම් ගැටුම් ඇතිකරයි.

උගත් පිරිමි බොහෝවිට උගත් ගැහැණිය බඳුමය.කවුරු කොහොම තර්ක කළත් ගැහැණිය අධ්‍යාපනයේදී අහංකාරය
තරඟකාරීය.ස්වාර්ථමූලිකය.ආවේදන ක්ෂේත්‍රය අභිබවා දැනුමට මුල්තැන දෙද්දී ජීවන රසයන් තොල නොගානා වියළි පුද්ගලයන්‍ ය.

මේ තත්ත්වය පිරිමින්ටද ආවේශ වූ පසු ලෝකයෙන් අප අපේක්ෂා කරන සුන්දරත්වය අහිමි වී යනු ඇත.

ගැහැණිය යටතේ පිරිමි අනන්‍යතාවය ගොඩ නොනැගිය යුත්තේ ඔය නිසාය.

විශේෂයෙන් පිරිමි පංතිකාමර පිරිමි ගුරුවරු ඇසුර ලැබිය යුතු තැන්‍ ය.

ගස් නගින,පෙරළන,දුවනපනින,වහා ක්‍රියාත්මකවන,ක්‍රීඩාශීලී,විනෝදශීලී කොල්ලන් අපිට වුවමනාය.

පොත බඳන් දඟළන,හිත වහන් පෙළෙන පිරිමි ලෝකය සුන්දර නොකරයි.

එනිසා එකිනෙකාගේ විවිධත්වය තුළින් සුන්දරත්වය ගොඩනැගීමට පවතින විවිධත්වයේ සොඳුරු මානයන් තවදුරටත් අපිට රැකගත හැකි

ගැහැණු පිරිමි වෙනසක් සහිත පරිසරයක් අපිට වුවමනාය .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...