වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ හිතේ මේ රටේ ජනතාවගේ අනාගතය දිදුලන බලාපොරොත්තු තිබුණාට ඒවා ඉෂ්ඨ සිද්ධ කරන්න ඔහුට ගමන් කිරීමට සිදුවන මාර්ගය පිළිබඳව දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන කා හට වුණත් තේරෙනවා ඒ ගමන් මඟ ඉතා පහසු එකක් නොවන වග . එනිසා ජනතාව වෙනුවෙන් යන ගමනකදී ඒ ගමන සැලසුම් කරන්න තෝරාගත යුත්තේ ඊට ගැලපෙන මිනිසුන් මිස ඊට නොගැලපෙන මිනිසුන් නොවෙයි .
අනුර කුමාර දිසානායක ජනාධිපති වූ විගස ඔහු විසින් සිදු කරනු ලබන පත්වීම් අතර පැරැණි දූෂිත සහ ශ්‍රී ලංකාව වර්තමාන අගාධයට ඇදලන්න දායකත්වය සැපයූ බොහෝ පිරිසක් ඉවත්කර අලුත් පිරිසක් පත් කර ගනියි කියලා හිතුවා . ඒත් ඒක එහෙම වුණේ නැහැ .
මහ බැංකුවේ අධිපති හිටපු අධිපතිම වෙද්දී , පසුගිය ආණ්ඩු සමයන්වල තමන්ගේ උවමනාවන් වෙනුවෙන් තීන්දු තීරණ ගත් දුමින්ද හුළංගමුව වැනි පුද්ගලයන්ව තමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස පත්කර ගැනීම සමාජයේ විවේචනයට ලක්වුනා .මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනලා බවට පත් වෙද්දි ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණය හසුරවන ආකාරය පැරණි මාදිලියම ද සැක පළ වුණා . ඉතින් එහෙම සැකසහිත මොහොතක මෙවැනි ප්‍රකාශන නිකුත් කිරීම සැහැල්ලුවට ගත යුතු නැහැ.
පසුගිය දිනක පැවති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන දුමින්ද හුළංගමුව ප්‍රකාශ කරනවා දැන් පවතින මිලියන 1.3 පමණ වූ රාජ්‍ය සේවක බර මේ රාජ්‍යයට ඉදිරියේදී දරාගැනීමට නොහැකි බව. එනිසා මේ ප්‍රමාණය හකුලා දැමීමට කටයුතු කළ යුතු බව ඔහු කියනවා . වර්තමාන රාජ්‍ය සේවයේ බර වැඩි නිසා රාජ්‍යය සේවය 7 50000 පමණ හකුලා ගැනීමට හැකි නොවුනොත් එය ඉදිරි ගමනට බාධාවක් වනු ඇති බව තමයි ඔහුගේ කතාවෙන් ප්‍රකාශ වෙන්නේ .
එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරන ඔහු කියන්නේ විශාල රාජ්‍ය අංශයක් නඩත්තු කර යාමට රාජ්‍යය භාණ්ඩාගාරයේ ඇති මුදල් ප්‍රමාණවත් නොවන බවයි . හුලන්ගමුවගේ කතාවේ හරය ලෙස අපට ගත හැකි වන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි කර ගැනීමත් අඩු රාජ්‍ය සේවයක් නඩත්තු කරමින් තරගකාරී සේවයක් ලබාදීමටත් හැකියාව ලැබෙන බවයි .
එපමණක්පද නොව මේ පුන පුනා කියන ජිජටල් කරනය කිරීම නැමැති සුත්තරය හරහාද පවතින රජ්යසේවයේ කප්පාදුව සඳහා ගෙන යන ක්‍රියාවලියේ ක්‍රමවේදයක් බව කල්පනා කරන්න සිද්ධ වෙනවා .
වර්තමාන ආණ්ඩුව උද්දාමයට පත්වුණේ රාජ්‍ය සේවකයා තමන්ට බලය ලබාදීමට පුරෝගාමී මෙහෙවර ඉටු කළ බව පවසමිනුයි . නමුත් දැන් හුළංගමුවලාගේ කතාවලින් අපට වැටහෙන්නේ ඉදිරිය රාජ්‍ය සේවකයාට ඉතාමත් අහිතකර බලපෑම් එල්ලවීමට නියමිත බවයි .
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට නියමිත අයවැය තුළින් රාජ සේවකයාගේ වැටුප් වැඩි කරන බවද ප්‍රකාශ කර සිටින පසුබිමක් යටතේ ඔහුගේ ප්‍රධාන උපදේශක මේ ප්‍රකාශ කරන්නේ විහිළු සහගත කතාවක් ද නැතිනම් ඉස්සාතිර සාර අනාගතය පිළිබඳඅනාවැකියක්ද කියන එක පිළිබඳව දැන් සිටම කල්පනා කරන්නට සිද්ධ වෙනවා.