ආණ්ඩුව සතුව පවතින කර්මාන්ත ලාබ ලබන ආයතනය බවට පත්කිරිමට අවශ්‍ය සැලසුම් ආරම්භ කර තිබෙන බව ආණ්ඩුව නිවේදනය කරත් ඒවා අසාර්ථක වෙමින් පවතින බව විටින් විට දක්නට ලැබෙන පුවත් හරහා දක්නට ලැබේ.
මේ ආණ්ඩුව සමයේ එවැනි උදාහරණයක් පළමුවෙන් දක්නට ලැබුනේ ලුණු කර්මාන්තය ආශ්‍රිතවයි. ආණ්ඩුව විශාල ප්‍රචාරයක් සහිතව ආරම්භ කරන ලද රජ ලුණු නම් ලුණු නිෂ්පාදන කටයුතු සිතූ පරිදි සිදු නොවුනි. අවසානයේ අපනයනයට පවා ලුණු නිෂ්පාදනය කරන බව පැවසූ ආණ්ඩුවම පසුව ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා ලදී.
මේ අතර ලුණුවලට සිදුවූ දේ සීනිවලටද සිදුවීමේ ඉඟි ලැබෙමින් පවතියි.
සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණි.
නමුත් ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එය ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ පවසනවා.
බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාධනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවෙකුට අලෙවි කර ඇති බවත්, එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බවත්, සමාගමේ සේවකයින් පවසා ඇතැයි ‘අද’ පුවත්පත වාර්තා කර තිබේ.
මෙම ගණුදෙනුවහේතුවෙන් සමාගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 420ක පමණ වන බව පැවසේ.
සමාගම තම සීනි තොගවලින් කොටසක් මෙසේ පාඩුපිට අලෙවිකර ඇත්තේ, 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිඟ මුදල් සොයාගැනිමට හා උක් ගොවියන්ගේ උක් සදහා අවශ්‍ය ගෙවීමි කටයුතු සිදුකිරිමට බව පැවසේ.
පැල්වත්ත සීනි සමාගමේ මෙි වනවිට අලෙවිකරගත නොහැකිව ගබඩාකර ඇති සීනි සීනි මෙට්‍රික්ටොන් ප්‍රමාණය 17000කට ආසන්නය.
ආණ්ඩුවට මේ කර්මාන්ත පෞද්ගලික අංශයේ කර්මාන්ත සමඟ තරඟකාරීව පවත්වාගෙන යාමට නම් සිදුකළ යුතු දේවල් තිබේ. ඉන් එකක් වන්නේ පෞද්ගලික අංශයේ ඒකාධිකාරයට යටත් නොවීමයි. ඊට අමතරව මේවා වෙනුවෙන් වෙන් කරන ආයෝජන වැඩි කරීමයි. මේ දෙක සම්බන්ධයෙන්ම ආණ්ඩුව එතරම් උනන්දුවක් දක්වන බවක් දක්නට නොලැබේ.