මුහමාලේදී හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය යාමට එරෙහිව විරෝධතා!

මේ අතර කිලිනොච්චිය මුහමාලෙයි ප්‍රදේශයේදී වැලි කැණීමේ නිරතව සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශවාසීන් එක්ව විරෝධතා පවත්වා තිබේ. මෙම මියගිය තරුණයා පලෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නමැත්තෙකි. පලෙයි ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් සහ පලෙයි රෝහලට පැමිණ සිදුකළ විරෝධතා පොලීසිය විසින් පාලනය කර ඇති බව වාර්තා වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍ය වෙත පවසන ආකාරයට ආරක්ෂක හමුදා භටයන්ගේ මැදිහත්වීම නිසා පිරිසක් වාහන වලින් පලා යාමට උත්සාහ දරා ඇති අතර ඒහිදී සෙබලුන් යටකරගෙන යාමට උත්සාහ දරා තිබේ. මේ අතර ඒහි සිටි තවත් අය යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති බව පවසන පොලිසිය එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබලකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදු වී ඇති බවද කියයි. බරපතල තත්වයේ සිටි තුවාලකරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලිසිය පවසයි.

මේ වනවිට ආණ්ඩුවේ තීරණයක් අනුව, වැලි ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නොවන අතර එසේනම් වැලි කැණීම වැටලීමක් කිරීමට අවශ්‍ය වන්නේ ඇයිද යන ගැටලුව පවතියි. අනෙක් අතින් යම් නීති විරෝධී කටයුත්තක් සිදුවේනම් එයට මැදිහත්වීම පොලීසියේ රාජකාරියක් වන අතර හමුදාව එයට මැදිහත්වීම මොහොතේ ආණ්ඩුවේ මිලිටරිකරණ ව්‍යාපෘතියේ ප්‍රථිපලයකි.

ඡායාරූප උපුටා ගැනීම – webnewslk

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...