ඩයිනමයිට් පටවාගත් ට්‍රක් රථයක් පුපුරා ගොස් ඝානාවේ මුළු නගරයක් විනාශ විය

පුපුරණ ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් බටහිර ඝානාවේ බොගෝසෝ පතල් නගරය ආසන්නයේ ඊයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තවත් 59 දෙනෙකු තුවාල ලැබුවා. මෙම පිපිරිම සිදුවී තිබෙන්නේ ඛනිජ සම්පත් වලින් පොහොසත් බටහිර අප්‍රිකාවේ අගනුවර වන Accra සිට කිලෝමීටර් 300 ක් බටහිරින් පිහිටි Appiatse හී දීය. මූලික තොරතුරු වලට අනුව, එය “පතල් සමාගමකට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ට්‍රක් රථයකි

තුවාල ලැබූ පුද්ගලයින් ගණන 59ක් වූ අතර ඉන් 42 කුගේ තත්වය බරපතල බවත් වැඩි පිරිසක් දැඩි අසාධ්‍ය තත්වයේ පසුවේ . තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවට ඇති සියලුම රෝහල් බලමුලු ගන්වා ඇති අතර බරපතල ලෙස රෝගාතුර වූ පුද්ගලයින් වැඩි පහසුකම් ඇති අක්‍රා වෙත ප්‍රවාහනය කිරීම සඳහා ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි.

“දෙවන පිපිරීමක් වලක්වා ගැනීම සඳහා, තත්වය විමර්ශනය කිරීමට සහ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ පොලිස් කණ්ඩායමක් සහ හමුදාවේ පිපිරුම් විශේෂඥයින් යොදවා ඇති බව” නිවේදනයේ සඳහන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...