සමාගම් පිටරට හංගපු ඩොලර් මිලියන 500ක් වෙළඳපොළට ආවා – මහ බැංකු අධිපති කියයි

රට තුළ විනිමය අනුපාතය ඉහළ යනු ඇතැයි සිතමින් ව්‍යාපාරිකයන් වෙනත් රටවල් වල හැංගු ඩොලර් මිලියන 500ක් වෙළඳපොල වෙත මුදාහැරිමට හැකි වු මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත.

මාර්තු 13 වන දින කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.

රුපියල 203 ට ස්ථාවරව තිබියදී අඩු මුදලට ඩොලර් රැගෙන සඟවා තබාගැනීමේ කළු කඩ ද ක්‍රියාත්මකව පැවැති බවත් කාපට් යට, මෙට්ට යට ඇතැමුන් ඩොලර් සැඟවූ බවත් එම වෙළෙඳපොළ පරිවර්තනය කළුකඩ මාෆියාව යටතේ ක්‍රියාත්මක වූ බවත් මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.

මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ කරුණා බොහෝ ඇති බවත්, එයට ප්‍රධානම හේතූන් වූයේ මූල්‍ය අසමතුලිතතාව, රාජ්‍ය ආදායමට වඩා වියදම් කිරීම, විශාල අයවැය පරතරය සහ එය පියවීමට ණය ගැනීම බවත් මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.

මහ බැංකු අධිපතිවරයා අපනයන සමාගම්වලින් පිටරට සඟවා ඇති ඩොලර් ප්‍රමාණය ගැන විවිධ තැන්වල කියමින් යනවා මිස ඒ වෙනුවෙන් ගතහැකි පියවරක් යෝජනා කරන්නේ නැත. එසේම ඔහු කතා කරන්නේද ජනතාවට සහන දීම රජයට බරක් වී ඇති බව මිස ආණ්ඩුව විසින් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කිරීම ගැන නොවේ.

තවද ලංකාවේ ආර්ථික විශ්ලේශකයන්, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන රාශියක් පසුගිය මාස කිහිපය තුළ පැවසූවේ ලංකාවේ ඇතැම් ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම හරහා ඩොලර් වෙනත් රටවල රඳවා තබාගෙන සිටින බවය.

එම හඬ නැගීම්වල ප්‍රතිපලයක් ලෙස ආණ්ඩුවට මෙම කරණය සත්‍ය බව පිළිගන්නට සිදුවිය. විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම අගය ඩොලර් බිලියන 52ක් පමණ බවයි. එසේම රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවේ එවැනි මුදලක් අපනයන සමාගම් විසින් පිටරට සඟවා ඇති නමුත් ඒවා ගෙන්වා ගැනීමට නීති නොමැති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...