-I SEE YOU- තක්ෂිලා වීරසේකර

මේ,
වර්තමාන සමාජයේ ඉතාම ජනප්‍රිය ව්‍යවහාරීය වාක්‍ය ඛණ්ඩ අතුරින් එකක් කීවොත්, මා නිවැරදියි. ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Avatar 2, The Way Of Water චිත්‍රපටය හරහා “උනුන් තේරුම් ගැනීම” පිළිබඳව අද වටිනා කතිකාවතක් බිහි වෙලා.
ඉතිං,
මේ ලිවීම, ඒ කරුණ පිළිබඳවයි.

මිනිස් මනස හරිම අපූර්වයි. සෑම මිනිසෙක් සතුවම විස්මිත සංජානනමය හැකියාවක් තිබෙනවා. අනෙකාගේ හැඟීම්, ඔහුගේ සපත්තුවට බැහැලා තේරුම් ගන්න මනුෂ්‍යයකුට හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ, සංවේදී, සහකම්පනය සහිත, ඉවසිලිවන්ත, කාරුණික, නිහතමානී මනසක් පමණයි.

අපි සැමවිටම, අපේ පැත්තෙන් පමණක් නොවෙයි, අනෙකාගේ පැත්තෙනුත් කරුණු කාරණා විමසා බැලීමට තරම් බුද්ධිමත් විය යුතුයි. එවිට, එකිනෙකා හා ඝට්ටනය නොවී හිඳීමට අපට හැකි වෙනවා. කෙනෙක් දිගින් දිගටම අවි අමෝරාගෙන ගැටුමට එන විටෙකදී වුවත්, සන්සුන් මනසින්, නොගැටී ඉන්න අපට පුළුවන් වෙන්නේ එතකොටයි.

යම් කරුණක් දෙස අනෙකාගේ කෝණයෙන් බැලීම තුළින්, අපට ඔහු මුහුණ පා සිටින සැබෑ තත්ත්වය, ඔහුගේ ප්‍රබලතා, දුබලතා, අපහසුතා, භීතිකා, ඔහුගේ මනස ක්‍රියා කරන ආකාරය, විකල්ප, ඔහුට ඇති සාර්ථකම විසඳුම ආදී කරුණු මනාව තේරුම්ගත හැකි වෙනවා. එවිට, යම් මනුෂ්‍ය තීරණයක් සම්බන්ධයෙන් එරෙහිව යාම වෙනුවට, ඔහු ගත් තීරණයෙහි ඇති සාධාරණබව, යෝග්‍යබව, සුදුසුබව, උචිතබව අපට පැහැදිලිව දැකීමේ හැකියාව ලැබෙනවා.

කෙනෙක් ගන්නා උචිතම තීරණයක් පවා, විටෙක තවත් පාර්ශවයකට වේදනාකාරී එකක් විය හැකියි. නමුත්, මනා තේරුම් ගැනීමක් තුළ, වේදනාකාරී තීරණයක් පවා, නිහතමානීව පිළිගැනීමට යමෙකුට ශක්තියක් ලැබෙනවා.

තේරුම් ගැනීම, මනාව වටහා ගැනීම, අවබෝධ කර ගැනීම,
සංහිඳියාවට, සාමයට හා සැනසිල්ලට ඇති වටිනාම මාවතයි.

ඔබටත්, අන්‍යයන්ගේ හැඟීම් දැකිය හැකි නම්, තේරුම්ගත හැකි නම්, ස්පර්ෂ කළ හැකි නම්,
ඔබට ජීවිතේ ඉහළ පහළ යාම් අතර ඇතැම්විට පැරදීමට සිදු වුණත්, ඒ වනවිටත් ඔබ සැබෑම ජයග්‍රාහකයෙක් වෙලා අවසන්.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...