Breaking News

අන්තරේ කොළඹ ආවේ ඇයි?

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන පාසල් පද්ධතිය පවා පෞද්ගලිකරණය කිරීමට දැමීමට රනිල් විජේදාස වාර්තාව හරහා සිදුකර ඇති නිර්දේශය වහාම හකුලාගන්න ලෙස බලකිරීමට තම උද්ඝෝෂණය සංවිධානය කළ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් උද්ඝෝෂණ පාගමනෙන් පසු අදහස් දක්වමින් පැවසුවේ,

” පසුගිය ජූලි 21 වැනිදා විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටු වාර්තාවක් ඉදිරිපත් කරා. මේ වාර්තාවේ නම උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව. නමුත් අපි බොහොම පැහැදිලිව කියනවා. මේක ලංකාවේ පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කිරීම සඳහා වූ පෞද්ගලික පාසල් පිහිටුවීම සඳහා වූ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවක්. මේ වාර්තාවේ සඳහන් වෙනවා 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත අහෝසි කළ යුතුයි කියලා. ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසම් සභාවක් පිහිටුවන්න ඕනා කියලා. මේ පිහිටුවන කොමිසම් සභාවට නියෝජිතයෝ පත්කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ කිසිදු ජන මතයක් නැති ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු පින් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහට. සම්පූර්ණයෙන් දේශපාලනික පත්වීම්. පහුගිය කාලේ පත්වුණු විවිධ ආණ්ඩුවලට අවශ්‍යතාවය තිබුණා ලංකාවේ උසස් අධ්‍යාපනය පෞද්ගලිකරණය කරලා දන්න. ඒ වගේම පාසල් අධ්‍යාපනය පෞද්ගලිකරණය කරලා දාන්න. එක ආණ්ඩුවට කරන්න බැරිවුනා ලංකාවේ ඉන්න සටන් කරන ප්‍රගතිශීලී බලවේග නිසාත් විශ්ව විද්‍යාල පනතෙන් ඒ සඳහා ප්‍රතිපාදන නොමැති නිසාත්. මේ නිසා ආණ්ඩු හැමවෙලේම උත්සාහ කරා විශ්ව විද්‍යාල කොමිසම් සභාවට වඩා බලතල තියෙන එහෙම නැත්තම් ඊට සමාන්තර බලතල තියෙන ව්‍යුහයන් හදලා ඒවා හරහා පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කරන්න. එහෙම ගෙනාපු පනතක් තමයි QAAC පනත. ඒක සම්මත කරගන්න බැරිවුනා. එහෙම බැරි වුනේ ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපේ සහ ප්‍රගතිශීලි ජනතාවගේ සටන් නිසා. ඒවගේම කොවිඩ් වසංගත කාලය පුරාවට විශ්ව විද්යලා වහලා දාලා ආණ්ඩුවෙන් ගෙනාවා කොතලාවල පනත. අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම වගේම මිලිටරීකරණය කිරීමට මෙයින් පනත් ගෙනාවා. ඒකත් පරාජය කරා. 1978 අන්තරේ පිහිටවපු කාල සිමාවේ සිට පෞද්ගලික අධ්‍යාපනය පුළුල් කරන්න ගෙනාපු අනපනත් යෝජනා පරාජය කරන්න අන්තරේ විදිහට හැකියාව ලැබිලා තියෙනවා. මේ අලුත් පනතෙන් අනු කමිටු 04ක් පිහිටුවනවා. එකක් රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා වූ අනු කමිටුව. පෞදගලික විශ්ව විද්‍යාල සඳහා වූ අනු කමිටුව. උසස් තාක්ෂණ විශ්ව විද්‍යාල සඳහා අනු කමිටුව සහ නියාමන සඳහා අනු කමිටුව කියලා. පෞද්ගලික විශ්ව විද්‍යාල කියලා සමාගම් පනත යටතේ දාගෙන ඉන්න උපාධි කඩ ටික සුජාතකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි මේ තියෙන්නේ. ලංකාවේ උසස් පෙළ සමත්වන ප්‍රමාණයෙන් 40000ට පමණ තමයි විශ්ව විද්‍යාල වරම් හිමිවෙන්නේ. අපේ දීර්ඝකාලීන සටන් පාඨයක් ලෙස තියෙනවා අධ්‍යාපනය ද.දේ.නි සියයට 6ක් වත් වෙන් කරන්න කියන එක. ඒ එක්කම අපි කියනවා උසස් පෙළ සමත් සියලු දෙනාට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදිය යුතුයි කියන එක අපි කියනවා. ඔබ සියලු දෙනා භුක්ති විඳිය යුතු අධ්‍යාපනයේ අයිතිය මුදලට විකිනීමට තමයි අපි විරුද්ධ වෙන්නේ. ”

leave a reply