නිකන් ඉඳන් කුස පුරවා ගන්න උන්ට නොතේරෙයි ජන දුක – ආවඩයි ජරාව ගෙන පාලකයාට

ඊයේ ජනවාරි පලවෙනිදා ජනාධිපතිවරයා විවිධ ආගමික කටයුතුවලට සහභාගි වෙන්න වන්දනාවෙ යන අතර  සිතුල්පව්ව පූජා බිමට ද පැමිණ  විශේෂ ආගමික පූජාවකට සහභාගි වෙනවා.  ආගමික කටයුතු වලට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිතුල්පව්ව විහාරාධිපති සමග කතාබහක යෙදෙන අතර සිතුල්පව්ව රජමහ විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස්පත්‍රය  එහිදී භාර දෙනු ලබනවා. එපමණක්ද නොව සිතුල්පව්ව පූජා භූමිය අවට තවත් පූජා භූමි හතරක්ද පූජා භූමි බවට පත් කළ නිදහස් දීමනා පත්‍ර ද පිළිගන්වනු ලබනවා.

මහා විහාර වංශික ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රිධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනවාරි 2 වනදා ශ‍්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය පිරිනමන ලදි.

සිතුල්පව්ව රජමහා විහාරස්ථානාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඉන් අනතුරුව මාධ්‍ය අමතා අදහස් ප්‍රකාශ කරනවා. එහිදී උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් කඩේ යන අතර ජනතාව තමන්ගේ දුක ප්‍රකාශ කිරීම විවේචනයට ලක් කරනවා. පාලකයෝ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර දෙනවා නම් ඒ වෙනුවෙන් ආවඩන්න කඩේ යන්න මුන් වහන්සේලාට හැකියාව තිබුණත් එදිනෙදා ජීවිතය ගැට ගහගන්න වෙහෙසෙන ජනතාවට එසේ කරන්න බැහැ. ඒක නොතේරෙන මේ වහන්සේලා  තමන්ට ලබා දුන් අල්ලස් වෙනුවෙන් පාලකයන්ට කඩේ යෑම පීඩාවට පත් ජනතාව වන  ඔබට අනුමත කළ හැකිද? උන් වහන්සේලා හරි හම්බ කරගෙන දුක්මහන්සියෙන් නම් කන්නේ ඕනම එකෙක්ට කඩේ ගියාට කමක් නැහැ, හැබැයි පොදු ජනතාවගේ දානෙ පිඟානෙන් බඩ පුරවා ගන්න මොවුන් ඒ වෙනුවෙන් වෙහෙසෙන ජනතාවට එරෙහිව පාලකයාගේ පැත්තේ හිටගෙන බොරු බේගල් ඇද බෑම අනුමත කළ නොහැකියි. ජනතාව දුගී දුප්පත් වී වෙහෙර විහාර විශාල වී තිබුනට පලක් නැත .

ගෝඨාභය ඇතුළු වර්තමාන මේ ආණ්ඩුව රටේ පොදු දේපළ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව  වෙන්දේසි කරමින් ඉන්න මොහොතක මෙවන් පිංගුත්තර වහන්සේලා ජනතාවට දෝෂාරෝපණය කිරීම සහ ආණ්ඩුවේ විකුණාගෙන කෑමේ ප්‍රතිපත්තිය විවේචනය කරන මිනිසුන්  ඩොලර් ගිලිනNGO එ කාරයන් ලෙස හංවඩු ගැසීම නින්දා සහගතය.

සෞභාග්‍යයේ දැක්ම තව ටිකක් ඉදිරියට ගියා නං අපේ රට හරි වාසනාවන්ත වෙන බව මේ වහන්සේ ප්‍රකාශ කරනවා. වස විසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්නට ගෝඨාභය වෙහෙසෙන බවත් එයට අකුල් හෙලීම නොමනා ක්‍රියාවක් බවත් මේ වහන්සේ වැඩිදුරටත් පවසනවා.

පාලකයන්ට කඩේ යන මෙවන් වහන්සේලා කිසිවිටෙකත් පාරේ පෝලිං වල සිටින මිනිසුන්ගේ දුක නියෝජනය කරමින් පාලකයාගේ වැරදි පෙන්වා දෙන්නේ නැහැ. රටේ ජනතාව පීඩාවට පත් කරන ජනාධිපතිවරයා ඉදිරියේ සහ ආණ්ඩුවට ආවඩමින් මේ වහන්සේලා ප්‍රකාශ කරන්නේ මේ ජන පීඩිත පාලන ක්‍රමය හරි කියාය.

රටේ ජනතාව තමන්ව පීඩාවට පත් කරන පාලකයන්ට එරෙහිව පමණක් නෙවෙයි පාලකයන්ගෙන් ජරාව ලබාගෙන තමන්ගේ වෙහෙරවිහාර ලොකු කරගනිමින් වැජඹෙන්නට උත්සාහ කරන මෙවන් නරුම පිංගුත්තර යන්ට එරෙහිවද පෙළගැසිය යුතුය

Share post:

Popular

වෙනත් පුවත්

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...