පරිසර මධ්‍යස්ථානය මගින් 2025 ජනවාරි 06 දින කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ‘වන සත්ත්ව – මිනිස් ගැටුම: ප්‍රශ්නය අන් තැනක!’ මැයෙන්වූ මහජන දේශනයේදී පරිසරවේදී සුපුන් ලහිරු ප්‍රකාශ් දැක්වූ අදහස්
මම සුපුන් ලහිරු ප්‍රකාශ් , ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ අලි මිනිස් සහජීවනයේ උප කමිටුවේ සභාපති. මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන දේවල් මගේ අධ්‍යයන සහ හැදෑරීම් මත පදනම්ව ඉදිරිපත් කරන්නේ. මම නියෝජනය කරන සංගමයේ අදහස් නොවෙන්න පුළුවන්.
අලි ඇතුන්ගේ හැසිරීම
අලි ඇතුන්ගේ පරිසර විද්‍යාව අනුව අලි ඇතුන්ගේ අම්මල තාත්තලා පැටවුස්සමක රැඳෙන්නේ නැහ.ැ ගැහැණු සතුන් සහිත රංචු වල තමයි පැටව් හැදෙන්නේ සහ රැඳෙන්නේ. ක්‍රමානුකූලව වැඩී පරිණත වන විට පිරිමි සතුන් ලිංගික අවශ්‍යතාවන් මතුවන සීමාවේදී තමන්ගේ රැලෙන් ඉවත්වෙලා තනි අලින් හැටියට හෝ එහෙම නැත්නම් කුඩා අලි රංචු හැටියට ජීවත් වෙනවා.
ආසියාවේ අලි ගහනය
රටවල් දහතුනක අලි ජීවත් වෙනවා ලින්ගෙ පාරම්පරික වාසභූමිවලින් 75 ක් අලි ඇතුන් වඳ වෙලා ගිහින් ඉන්නවා සියයට පහක් වැනි පුංචි ප්‍රදේශයක තමයි ආසියාවේ මේ වන විට අලි ඇතුන් ජීවත් වෙන්නේ ඒ අතරින් දෙවැනි විශාලතම අලි ගහනය ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දියාව තමයි විශාලතම අලි ගහනයට ජීවත් වෙන රට
අපිට ඇති වාසි
අලි ඇතුන් සිටීම අපිට ධනාත්මක වශයෙන් වාසි සපයනවා ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට සංචාරක කර්මාන්තයේදී පවා පළි ඇතුන් නිසා අපට වැඩි වාසියක් අත්වෙනවා අවාසනාවකට අලි මිනිස් ගැටුමක් නිර්මාණය වෙලා සැලකිය යුතු අලි ප්‍රමාණයක් අවුරුද්දකට මිය යනවා. ඒ වගේම මිනිසුන් ප්‍රමාණයකුත් මිය යනවා.
අලි මිනිස් ගැටුම අලි මිනිස් මරණ පමණක් නෙමෙයි මේ හරහා වගා බෝග හානිවීම සිද්ධ වෙනවා එපමණක්ද නෙවෙයි අර්බුදය සමාජ සංස්කෘතික ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති තත්ත්වයක් අපට පෙනෙන්න තියෙනවා. උදාහරණයකට අලි ගැටුම් පවතින ප්‍රදේශයකින් විවාහයක් කර ගැනීමට මැලිවෙන අවස්ථා දක්නට ලැබෙනවා. පවුලේ ස්වාමියා අලි පහර දීමකින් මිය ගියොත් ඒ පවුලේ ටික ප්‍රශ්න පුළුල් වෙනවා. වර්තමානය වන විට මේ ප්‍රශ්නය පුළුල් පරාසයක විහිදිලා ගැටලු සමුදායකට අලි මිනිස් ගැටුම හේතු වෙලා තියෙනවා.
2020 අලි මිනිස් ගැටුම ගැන කළ අධ්‍යයන වාර්තාව
මේ අධ්‍යනයේදී අපට අනාවරණය කරගන්න පුළුවන් වුණා අසූව දශකයට සාපේක්ෂව සංසන්දනය කර බලද්දී 1992-2001 කාලය තුල මිනිස් මරණ ප්‍රමාණය 50% වර්ධනය වෙලා ඊට පසු දශකයේ 2005- 2010 14% වර්ධනය වෙලා තියෙනවා. අපි අලි මරණ පිළිබඳව සැලකුවොත් 92% 31% ලෙස අලි මරණ වර්ධනය වෙලා තියෙනවා. ඒක බරපතල තත්ත්වයක් ලෙස අපි දකිනවා .
පහත වගුවේ තියෙන්නේ වසර ගණනාවක් අලි මිනිස් ගැටුම නිසා මරණයට පත්වෙච්ච අලි සහ මිනිසුන්ගේ දත්ත සටහන . මේ අලි මරණ විවිධ හේතු නිසා සිද්ධ වෙලා තියෙනවා .
2023 වෙනකන් ලංකාවේ අලි මිනිස් ගැටුම සීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා . ඉතිහාසය පළමු වතාවට 2024 අවුරුද්දෙ මේ අලි මිනිස් ගැටුම නිසා සිද්ධ වෙච්ච මරණ ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. අපි දැන් සාකච්ඡා කරන්න ඕනා ඒ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්ද ඒකට මොනවද කරන්න ඕනේ කියන එක.
මේ සිතියම මතක තියාගන්න. මේක තමයි 1959 වනජීවී ආරක්ෂණ කමිටුව මගින් අලි මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි ඇතුන් කළමනාකරණය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව .
මේ සිතියමේ නිල් පාටින් පෙනෙන්නේ තාවකාලික අලි කොරිඩෝ . මේකෙන් යෝජනා වෙන්නේ ජාතික රක්ෂිත වලට අලිමංකඩ හරහා යා කරන ලද අලි කොරිඩෝ හරහා අලි ඇතුන් ගාල් කිරීම .
දැන් අපි කතා කරමු මේ අලි මිනිස් ගැටුම නිරාකරණය නොවෙන්න හේතු
මේ තියෙන්නේ ආචාර්ය පෘථිවිරාජ් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ලංකාවේ අලි ඇතුන් පිළිබඳ සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵලය වම් අත පැත්තේ සිතියමේ තියෙන්නෙ. එය සිතියමට අනුව ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 60% පමණ අලි ඉන්නවා . ලංකාවේ අලි ඉන්න ප්‍රදේශවලින් 20% වනජීවී රක්ෂිත . ඉතුරු 40% මිනිසුන් සහ අලින් ජීවත්වන ප්‍රදේශ. මෙවැනි සන්දර්භයක් තුළ තමයි අපිට අලි මිනිස් ගැටුම අවම කිරීමට හෝ අලි ඇතුන් ආරක්ෂා කිරීමට කතා කරන්න සිද්ධ වෙන්නේ.
දකුණු පැත්තෙ තියෙන්නෙ ජනගහන ඝනත්වය පිළිබඳ වාර්තාව. රතු පාට වැඩි ප්‍රදේශ ජනගහනය වැඩි ප්‍රදේශ කළුපාට දේශය තමයි ජනගහනය අඩු ප්‍රදේශ හැටියට සටහන් වෙන්නේ. ජනගහනය අඩු ප්‍රදේශවල තමයි අලි ඇතුන් ව්‍යාප්ත වෙලා ඉන්නේ. අලි ඇතුන් කියන්නේ දවසකට විශාල භූමි ප්‍රමාණයක ඇවිද යන සත්ත්ව විශේෂයක් . ජනතාව අතරින් පවා ඇවිද ගිහින් මේ සතුන්ට තමන්ගේ වාසභූමි පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා . ඒ අනුව ජනගහන ඝනත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා අලි ඇතුන්ගේ ව්‍යාප්තිය .
2020 සිතියම
මේ තියෙන්නේ 2020 අපි කළ අධ්‍යයන වාර්තාවේ සිතියම් සටහන. මේක සිද්ධ කරන්නේ ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් .මේ අධ්‍යනයෙන් තමයි සනාථ කරගන්න පුලුවන් වුණේ ආසියාවේ අලි මිනිස් ගැටුම නිසා වාර්ෂික වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් මිය යන රට ලංකාව කියලා. දෙවනුව අලි මිනිස් ගැටුම නිසා වැඩිපුරම මිනිසුන් මැරෙන රට ලංකාව කියලත් අපට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වුණා .
1959 සිතියමට අනුව අපි අලි ගාල් කරන්න උත්සාහ කළත් අවුරුදු හැටක් යනතුරුත් අපට ඒක කරන්න බැරුව ගිය .2014 අවුරුද්දේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරනවා වනජීවී රක්ෂිත වලට එහා ගිහිල්ලා අලි කළමනාකරන ප්‍රදේශ නම් කරලා ඒවාට අලි ඇතුන් ගාල් කරන්න . ලංකාවේ විශාල ප්‍රදේශයක් අලි කළමනාකරන ප්‍රදේශ ලෙස නම් කෙරුවා.
සටහන හිල්මි සුපුන්