ගුරුවරු මස් රාත්තලම ඉල්ලනවද?

මේ දිනවල වැටුප් විෂමතාවයට එරෙහිව අරගලයක නිරතවන ගුරු – විදුහල්පතිවරුන්ට එරෙහිව ආණ්ඩුව පාර්ශවයෙන් නැගෙන චෝදනාවක් වන්නේ ඔවුන් මස් රාත්තලම ඉල්ලමින් සිටින බවයි.

මස් රාත්තලේ කතාව පැමිණෙන්නේ ශේක්ෂ්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා කෘතියෙයි. එහි දැක්වෙන පරිදි ඉතා බලලෝභී පුද්ගලයෙකු වූ ෂයිලොක් නැමැත්තාගෙන් ණයක් ලබාගන්නා පුද්ගලයෙකුට එම ණය නැවත ගෙවීමට නොහැකි වුනොත් ශරීරයෙන් මස් රාත්තලක් ඉල්ලා සිටිනවා.

මෙම කතාවෙන් පසු යම්කිසිවෙක් අතරමැදි විසඳුමකට පැමිණෙන්නට අකමැත්තක් දක්වමින් අසාධාරණ ලෙස අසරණ වී ඇති කෙනෙකුගෙන් සම්පූර්ණ ලෙස යමක් ඉල්ලා සිටිනම් මස් රාත්තලම ඉල්ලනවා යන යෙදුම සාමාන්‍ය භාෂාවේ බාවිතා වෙනවා.

එතකොට ආණ්ඩුව කියන ආකාරයට ගුරුවරු ඉල්ලා සිටින්නේ මස් රාත්තලමද?

අවුරුදු විසි හතරකට අධික කාලයක් ගුරු- විදුහලපතිවරුන්ට ලැබිය යුතු වැටුපෙන් කොටසක් අඩුවෙන් ගෙවා තිබියදී, එම හිග වැටුප් අමතකර කර අඩුම තරමින් ලබන අවුරුද්දේ සිටවත් මේ ප්‍රශ්නය විසදන්න ආරම්භයක් ලෙස විෂමතාවෙන් තුනෙන් එකක් වත් ලබාදෙන්න කියද්දී ආණ්ඩුව කියන්නෙ තුනෙන් එකකුත් බෑ. නවයෙන් එකක් දෙන්නම් කියලයි.

ඉතින් ෂයිලොක් වගේ මාංශ ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මිස ගුරුවරු නොවන බව පැහැදිලිවෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...