ගුරුවරු මස් රාත්තලම ඉල්ලනවද?

මේ දිනවල වැටුප් විෂමතාවයට එරෙහිව අරගලයක නිරතවන ගුරු – විදුහල්පතිවරුන්ට එරෙහිව ආණ්ඩුව පාර්ශවයෙන් නැගෙන චෝදනාවක් වන්නේ ඔවුන් මස් රාත්තලම ඉල්ලමින් සිටින බවයි.

මස් රාත්තලේ කතාව පැමිණෙන්නේ ශේක්ෂ්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා කෘතියෙයි. එහි දැක්වෙන පරිදි ඉතා බලලෝභී පුද්ගලයෙකු වූ ෂයිලොක් නැමැත්තාගෙන් ණයක් ලබාගන්නා පුද්ගලයෙකුට එම ණය නැවත ගෙවීමට නොහැකි වුනොත් ශරීරයෙන් මස් රාත්තලක් ඉල්ලා සිටිනවා.

මෙම කතාවෙන් පසු යම්කිසිවෙක් අතරමැදි විසඳුමකට පැමිණෙන්නට අකමැත්තක් දක්වමින් අසාධාරණ ලෙස අසරණ වී ඇති කෙනෙකුගෙන් සම්පූර්ණ ලෙස යමක් ඉල්ලා සිටිනම් මස් රාත්තලම ඉල්ලනවා යන යෙදුම සාමාන්‍ය භාෂාවේ බාවිතා වෙනවා.

එතකොට ආණ්ඩුව කියන ආකාරයට ගුරුවරු ඉල්ලා සිටින්නේ මස් රාත්තලමද?

අවුරුදු විසි හතරකට අධික කාලයක් ගුරු- විදුහලපතිවරුන්ට ලැබිය යුතු වැටුපෙන් කොටසක් අඩුවෙන් ගෙවා තිබියදී, එම හිග වැටුප් අමතකර කර අඩුම තරමින් ලබන අවුරුද්දේ සිටවත් මේ ප්‍රශ්නය විසදන්න ආරම්භයක් ලෙස විෂමතාවෙන් තුනෙන් එකක් වත් ලබාදෙන්න කියද්දී ආණ්ඩුව කියන්නෙ තුනෙන් එකකුත් බෑ. නවයෙන් එකක් දෙන්නම් කියලයි.

ඉතින් ෂයිලොක් වගේ මාංශ ඉල්ලා සිටින්නේ ආණ්ඩුව මිස ගුරුවරු නොවන බව පැහැදිලිවෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...