නව උඩවැඩියා විශේෂයක් හඳුනාගැනේ

ශ්‍රි ලංකාවට ආවේණික නව උඩවැඩියා විශේෂයක් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී ඇති බව වාර්තා වෙනවා. මේ නව සොයාගැනීමට මූලිකත්වය ගෙන ඇත්තේ දැනට ලංකාවේ ඕකිඩ් සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හදාරන චම්පික බණ්ඩාර, ටිතිර ලක්කන  සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර එදිරිවීර මහතා ඇතුලු කණ්ඩායමයි. . නව විශේෂය වාර්තා වී තිබෙන්නේ නුවර එලිය දිස්ත්‍රික්කයේ හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයෙනි. එම නිසා මෙම විශේෂය සදහා Oberonia mahaeliyensis යන නම යොදා තිබේ. නව විශේෂය නාමකරණයේදී හෝර්ටන් තැන්නට අතීතයේ භාවිතා කල “මහඑළිය තැන්න” යන්නෙහි අරුත් දෙන mahaeliyensis යන නාමය යෙදීම සිදුකර ඇති අතර දැනට මෙම විශේෂය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුලින් පමණක් හමුවී ඇති නිසා රතු දත්ත වර්ගීකරණ ක්‍රමවේදයට අනුව අතිශය අන්තරායට ලක්වූ (CR) විශේෂයක් ලෙස සලකනු ලබනවා.

නව විශේෂයේ මල් සහ ඵල හට ගන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් කාල සීමාවේදීය. මෙම නව විශේෂයට ආසන්නතම විශේෂය ලෙස O. wightiana විශේෂය දක්වා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...