2021 ආර්ථිකයෙන් බලවත්ම රටවල්

මේ තියෙන්නේ 2021 වෙද්දී ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය අනුව ආර්ථිකයෙන් බලවත්ම රටවල් ටික. හොඳට බැලුවොත් මේ රටවල් සියල්ලම නිෂ්පාදන ආර්ථිකයක් තියෙන රටවල්. එතනින් අමෙරිකාව සහ චීනය ලෝක ආර්ථිකයෙන් 42%ක් කලමණකාරණය කරනවා. ඉතිරි 58% ට තමා අනිත් රටවල් සියල්ලටම අයිති.

හැබැයි මේ රටවල් අතරින් බහුතරයක් ඉදිරියේ දී ශ්‍රම බලකායන් හිඟ වෙන තැනට එයි. හේතුව තමයි අද වෙද්දී ඉන්න තරුණ ප්‍රජාව ඉදිරියට නිෂ්පාදන අංශයේ රැකියාවන්වලට යොමු වෙන්න තියෙන අවස්ථාව සෑහෙන්න අඩු වීම..

අමෙරිකා එක්සත් ජනපදයේ කරපු සමීක්ෂණයක ප්‍රතිඵල ගැන ලිපියක් කියෙව්වා මම Planet Engineering කියන වෙබ් අඩවියේ තිබිලා. ඒකේ හැටියට 51%ක් කියලා තියෙනවා නිෂ්පාදන අංශයේ රැකියාවක් කරන්න කැමැත්තක් නැහැ කියලා.

2021 ආර්ථිකයෙන් බලවත්ම රටවල්

අද වෙද්දී Technology කියන දේ නැත්නම් තාක්ෂණය කියන දේ වේගයෙන් ඉදිරියට එනවා. ඒ නිසාම ගොඩාක් තරුණ පිරිස් බලන්නේ වි⁣ශේෂයෙන්ම මේ පහළ තියෙන රටවල තරුණ පිරිස් ඒ අංශයෙන් ඉස්සරහට යන්න. හැබැයි අර නිෂ්පාදන අංශවල යකඩ පාස්සන වැඩ, තහඩු කපන වැඩ ඕවාට තියෙන අවධානය අර තරුණ පිරිස අතරින් ගිලිහි යනවා.

හිතන්න ඔබ වුණත් කැමති A/C කාමරයක ඉඳන් මොනිටර් දෙකක් එක්ක PC එකක් තියාගෙන වැඩ කරන්න නේහේ නේද?
මේ ශ්‍රම බලකාය අර්බුදයට ඒ රටවලට තියෙනවා ඔප්ෂන් 02ක්. එකක් සම්පුර්ණයෙන්ම යන්ත්‍ර සූත්‍ර සඳහා මාරු වීම, නැත්නම් අඩුවෙන ශ්‍රම බලකාය කොහෙන් හරි සපයා ගන්න එක.. එතනින් යන්ත්‍රසූත්‍රවලින් හැමදෙම කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

දැන් මේ සිති⁣යමේ නැති රටවල් තියෙනවා. ඒවා අතරින් සමහර රටවල් තෙවන ලෝකයේ රටවල් නැත්නම් අනාධිමත් කාලයක ඉඳන් සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා හඳුන්වනවා. අන්න ඒ රටවල ඉන්නවා තමන්ගේ අතට හම්බ වෙන සොච්චමෙන් කොහොමද ජීවිතය හදාගන්නේ කියලා හිතන පිරිසක්.

එයාලා හිතනවා මොන දේ කරලා හරි, අතු ගාන්න හරි පිරිසුදු කරන්න හරි රස්සාවකට මේ පහළ ඡායාරූපයේ තියෙන රටකට යන්න තියෙනවා නම් කියලා.

ඉතින් මේ රටවල් කරන්නෙත් තමන්ට ඕන කරන ශ්‍රම බලකාය අර රටවලින් පොම්ප කරගන්න එක. මොකද ඒ රටවල ඉන්න තරුණයෝ තරුණියෝ ගෙනල්ලා ලොකු පඩි දීලා අමාරුවෙන් නඩත්තු කරනවට වඩා අර හීන මැරිලා ඉන්න පිරිස් ගෙනල්ලා ගානක් අතට දීලා කන්න බොන්න ඉන්න තැන් දීලා බලාගන්න ලේසි…

ඉතින් අර තරුණ පිරිස් බොහෝමයක් මේ රටවලට රැකියාවන් සඳහා යනවා.

මේ වැඩෙන් වෙන්නේ කවදා හරි දවසක ඔය තරුණ තරුණියෝ හැර දාලා යන රටවල්වලට තමන්ගේ ශ්‍රමය බලකාය නැතිවෙලා තවත් කඩා වැටෙන එක. නැත්නම් කවදාවත්ම සංවර්ධනය වෙමින් පවතින රටක් කියන ලේබල් එක ගලව ගන්න බැරි වෙන එක..

ඒ රටවලුත් හරිය⁣ට මේ දැවැන්ත රටවලට සේවකයෝ පොම්ප කරන පොම්පාගාරයන් විදිහටම පවතී කාලයක් යද්දී…

අපිව මේ සිතියේම හොයන්න එපා, අපි නැති වුණාට බංග්ලාදේශය ඉන්නවා.. අපිටත් වඩා පුංචි චීනයේ කොලනියක් විදිහට තියෙන හොංකොං පවා ඉන්නවා.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...