Breaking News

විධායක ජනාධිපති ක්‍රමයට මොකද කරන්නේ කියන්න අනුරට අමතක වුණේ ඇයි ?

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සහ පැරණි ආණ්ඩුවේ ණය ගිවිසුමි හ ආණ්ඩුව ඉදිරියේදී ක්‍රියාත්මක කරවීමට නියමිත වැඩපිළිවල සමිබන්දයෙන් අදහස් පළකිරිම සඳහා ජන අරගල සන්ධානය නොවැම්බර් 22 වැනි දා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා . එම මාධ්‍ය හමුවේදී ජනාරගල සන්ධානයේ ප්‍රධාන ලේකම්  මාධ්‍යවේදී ලංකාපේලි මහතා ඉදිරිපත් කළ අදහස සංක්ෂිප්තව පහත පළ වෙයි .

නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමත් සමඟ දහවන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබුවා. මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ගේ ‍ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව පැයක පමණ කාලයක් වැය කරමින් පැහැදිලි කිරීමක් කරනු ලැබුවා. ඒ පැහැදිලි කිරීම ඇතුලේ ඔහු කියන්න උත්සාහ කළේ අපේ රටේ ආර්ථිකය  නූලකින්  එල්ලි තිබෙන බවයි.

එවැනි ආර්ථික පසුබිමක්  තුළ ඔහු විග්‍රහ කළ සමාජ ආර්ථික දේශපාලන තලයේ ගැඹුරු ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඔහු ඉදිරිපත් කළ කරුණු ම  සංවාදාත්මක සහ ප්‍රශ්නාර්ථ ලෙස  දැන් අප හමුවට ඇවිල්ල තියෙනවා . එසේ මතුවුණු විශේෂ අවස්ථ කිහිපයක්ම තියෙනවා.  ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් නොකරම ඉදිරියට ගෙන යන්න සිදුවෙනවා කියලා ඔහු ජනතාව හමුවේ තියන කාරණය තුළින්ම මතුවෙන්නේ ජාතික ජන බලවේගය මේ රටේ ගැටලු විසඳන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන බව තමයි.

මෙහිදී අපිට පෙනෙන කාරණය තමයි ආණ්ඩුවට එහා ගිය  තැනක සිට මේ ආණ්ඩුව හසුරුවන්නට ක්‍රියාත්මක වෙන බව. ගෝඨාභයගේ ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේ සුවිශේෂී මරමස්ථානවල ඉන්නෙ කවුද?  මහා බැංකුවේ අධිපති නන්දලාල්  වීරසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක මහින්ද හුලංගමුව. වර්තමාන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය විසි දෙයකට සීමා වුණත් රටේ ආර්ථිකය හසුරවන මුල් පුටුවල ඉන්නේ ඉහත සඳහන් කළ පුද්ගලයෝ. නන්දලාල් වීරසිංහ, සිරිවර්ධන, හුලංගමුව, වැනි අයගේ කළමනාකරණයට පිටුපා මේ ආණ්ඩුවට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා අපට විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ.

ඊයේ රාජාසන කතාවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක නොකියා ඉන්න තරම් අනුර කුමාර දිසානායක පරිස්සම් වුනා. ඒ පරිස්සම් වීම තුළින් ම අපට කල්පනා වෙන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය  අත්‍යවශ්‍යයි කියලා දැන් ඔවුන් කල්පනා කරනවද කියන එකයි. ඒ අතර අනුර කුමාර මගහැර ගිය තවත් ප්‍රශ්නයක් තමයි ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මාලිමා ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද  කියා ප්‍රකාශ නොකිරීම. ඒ ප්‍රශ්නෙන් ඔහුට මගහැර යන්න බැහැ මොකද උතුර මිහිර බහුතර ඡන්ද ප්‍රතිශතයක් ඔහුට ලැබෙන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු අපේක්ෂාවෙන්.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ රටට අහිතකර සත් රාශියක් පහුගිය කාලයේ සම්මත කර ගත්තා. ඒවට ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් විරෝධය එල්ල කළා. හැබැයි ජනාධිපතිවරයා තමන්ගේ කතාව තුළ මේ අනපනත් වලට මොකද කරන්නේ කියන එක පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් ඉදිරිපත් කළේ නැහැ. විශේෂයෙන්ම අයිඑම්එෆ් ප්‍රතිසංස්කරණ නීතියක් බවට පත් කරන පනත සහ pta , සමාජ මාධ්‍ය නියාමන පනත වැනි පනත්   ලට මොකක්ද කරන්නේ? කියන එක පිළිබඳ අදහසක් ජනතාවට දෙන්න තිබුනා. මේ පනත් හැම එකක්ම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි. පිළිබඳව කිසිවක් සඳහන් නොකරන්න ජනාධිපතිවරයා වග බලා ගත්තා.

leave a reply