පැන්ඩෝරා පේපර්ස් හරහා රාජපක්ෂවරුන්ට එල්ල වන චෝදනා ඇත්තද?

ලෝකයේ රටවල් 90ක 300කට අධික දේශපාලන නායකයන්, කෝටිපතියන් ආදී පුද්ගලයන් අයථා ලෙස රැස් කරන ලද මුදල් අක්වෙරළ මූල්‍ය සමාගම්වල ආයෝජනය කිරීම හා වෙනත් අයථා දේපළ මිල දී ගැනීම පිළිබඳව දැවැන්ත හෙළිදරව්වක් පැන්ඩෝරා පේපර්ස් නමින් සිදු කර තිබේ.

මූල්‍ය ආයතන 14කින් ලබා ගත් ලේඛන එක්කෝටි විසි ලක්ෂයකට අධික ප්‍රමාණයක් අනාවරණය කර ඇති අතර ඊට ගවේෂනාත්මක මාධ්‍යවේදීන් 650ක පමණ පිරිසක් වසර 7ක් තිස්සේ වෙහෙස වී තිබේ.

මෙම අනාවරණයේදී ලංකාවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරියක මෙන්ම රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ගේ නමද සඳහන් වී තිබේ. ඔවුන්ගේ නමින් සඳහන් වන මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 160කි.

තිරුකුමාර් නඩේෂන් යටතේ තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් යථා ලෙස උපයන ලද මුදල් යැයි විවිධ දේශපාලනඥයන් චෝදනා එල්ල කර තිබේ. අනාවරණය වී ඇති අයථා මුදල් පිළිබඳ විමර්ශනයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කළ යුතු යැයි උදය ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති නමුත් මේ වන තෙක් එවැනි නියෝගයක් අදාළ ආයතන වෙත ලබා දී ඇති බවක් වාර්තා වන්නේ නැත.

පැන්ඩෝරා පේපර්ස්වලින් අනාවරණය වී ඇති නිරූපමා රාජපක්ෂගේ සහ තිරුනඩේෂන්ගේ ගනුදනෙු පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම මෙම වීඩියෝවේ අරමුණයි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...