Breaking News

BLACK LIVES MATTER අරගලයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහය 

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හේතු කරගෙන පැනනැගුණු විරෝධතාවය ලෝකෙ පුරා විහිදී යන අරගලයක් බවට පත් වී තිබෙනවා,ජාතිවාදයට එරෙහි අරගලයක මුහුණුවර ගත්තත් මෙම අරගලය සැඟවුණු අර්ථය ධනවාදයේ නොහැකියාවට එරෙහි පීඩිතයාගේ  නැගිටීමේ අරගලයක් දක්වා අවිඥානිකව පරිවර්තනය වී තිබේ.

ඇමරිකානු ජනතාවගේ අරගලයට සහය පළ කිරීම සඳහා ජුනි 6 වන සෙනසුරාදා  යුරෝපයේ බොහෝ රටවල් ඊට දායකත්වය සපයමින් ඉන්නවා. ප්‍රංශය ජර්මනිය ඉතාලිය එංගලන්තය මෙම අරගලයේ සහයක බලවේග බවට පත්වෙලා.මෙම අරගලය ධනවාදයට එරෙහි නිර්ධන පාන්තික අරගලයක් බවට පත් කරගැනීම සඳහා ඊට මැදිහත් වීමට ඇමරිකානු සහ යුරෝපීය වාමාංශික බලවේග මේ මොහොතේ  ශක්තිමත් නොවීම කණගාටුවට කරුණක්. කෙසේවෙතත් ඉතාලියේ නාපෝලි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට BLACK LIVES MATTER අරගලයට සහයෝගය පළකරමින් විරෝධතාවයක් පැවැත්වුනා . ඊට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාපෝලි සංවිධානය ද සහාය පළකර තිබුණි. ඉතාලියේ වාමාංශික බලවේගය ඇතුළු සංවිධාන රැසක සහභාගිත්වයෙන් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.

leave a reply