වයසට ගිය සඳ

සඳ හැරමිටිය ඇන ඇන
ගාටයි අහස මුඳුනට තව
තරුණ තරු පොකුරු මැද
කියයි හන්දි වේදනා ගැන

සුරඟන කතා කියූ මුව
බණ පදයකට සැරසෙත
එ දවස මුව අයාගෙන
සුරඟන කතා ඇසූ තරු
මෙදවස බණ පදයකට
මුව බිමට හරවත

මෙගා ටෙලි විකසිත
පැය ගණන් ගතවෙත
කොමල පෙම් දෙබසින්
සාලය ම පිරවෙත
සඳ ඔහේ මුල්ලක
රිදෙන තැන් අතගගා
තෙල් බෙහෙත් ගල්වත

හර්මයිනි සින්ඩරෙල්ලා
පුංචිමවුන්ගෙ තොල් අග
හාවගෙ ඉබ්බගෙ තරඟය
ගැන කිව්වම හිනාවෙත
මේ ගැන බෝ හිත හිත
සඳ අහසින් බැස යත

සඳ හැරමිටිය ඇන ඇන
ගාටයි අහස මුඳුනට තව

මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...