විද්‍යුත් හැඳුනුම්පත හරහා ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් කරන්න හදනවා – පුබුදු ජයගොඩ

විද්‍යුත් හැඳුනුම්පතක් ලබාදීමේ මුවාවෙන් ලංකාවේ ජනතාවගේ සියලු දත්ත ඉන්දියාව සතුකර ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත්විජිතයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්
පුබුදු ජයගොඩ පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
”ලංකාවේ වර්තමාන හැඳුනුම්පත සඳහා රජය ලබා ගන්නේ ජීව දත්ත පමණයි. නමුත් 2013 දී මහින්ද රාජපක්ෂ පාලනය සියවස් තුනක අයිතීන් අහිමි කරන විද්‍යුත් හැඳුනුම්පත් පනත් කෙටුම්පතක් ගෙන ආවා. ජනතා විරෝධය නිසා එය පසුපසට ගියත් 2015දී යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල
On LT Soclall අනුමැතියෙන් එය සම්මත කළා.
නමුත් දැන් පෙනෙන්නේ මේ විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ අරමුණ මර්දන යාන්ත්‍රණ ශක්තිමත් කිරීම පමණක් නොවන බවයි. එය කලාපීය භූ දේශපාලන ව්‍යාපෘති සමගත් පැටලිලා. ලංකාවේ ජනගහනයට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 41.05ක්. එයින් රුපියල් බිලියන 22.33ක් ප්‍රදානයක් ලෙස දෙන්න ඉන්දියාව ඉදිරිපත් වුණා. නමුත් ඒ සඳහා මේ ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමකට දිය යුතුයි. එවිට ලංකාවේ සියලු දෙනාගේ මුහුණු ලක්ෂණ ඇතුළු ජෛවමිතික ලක්ෂණ, පවුල් ගස, ලෙඩ රෝග, ගන්නා ඖෂධ, බැංකු ගිණුම් තොරතුරු ආදිය ඉන්දියාව සතු වෙනවා. එය ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් වීමට සමානයි”

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...