සමාවෙන්නට කියා නොකියමි – අපිව වෙන්කළ ක්‍රමය පෙරලමි

පෙකණි වැලකින් බැදි බිළින්දා
මරන්නට මට නොහැකි හින්දා
උඹව රකිනා කෙනෙක් කැන්දා
රැගෙන යයි මම මෙන්න වැන්දා

ආදරේ මහ ගොඩක් තිබුනට
සාගතේ බර දැනෙයි ගෙදරට
උඹත් ලෝකෙට ගෙනා වරදට
අඩනවා මම කදුළු හිරකොට

හොදට ඔතලා සුවය සදලා
උඹව නිදිකර මුහුණ ඉඹලා
එනකොටත් දුම්රියෙන් බැහැලා
කිරිබරින් උඩුකයම තෙමිලා

සමාවෙන්නට කියා නොකියමි
මෙහෙම වීමට කරුණු විමසමි
ඉතින් මම මගෙ කදුළු පිසලමි
අපිව වෙන්කළ ක්‍රමය පෙරලමි

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...