සමාවෙන්නට කියා නොකියමි – අපිව වෙන්කළ ක්‍රමය පෙරලමි

පෙකණි වැලකින් බැදි බිළින්දා
මරන්නට මට නොහැකි හින්දා
උඹව රකිනා කෙනෙක් කැන්දා
රැගෙන යයි මම මෙන්න වැන්දා

ආදරේ මහ ගොඩක් තිබුනට
සාගතේ බර දැනෙයි ගෙදරට
උඹත් ලෝකෙට ගෙනා වරදට
අඩනවා මම කදුළු හිරකොට

හොදට ඔතලා සුවය සදලා
උඹව නිදිකර මුහුණ ඉඹලා
එනකොටත් දුම්රියෙන් බැහැලා
කිරිබරින් උඩුකයම තෙමිලා

සමාවෙන්නට කියා නොකියමි
මෙහෙම වීමට කරුණු විමසමි
ඉතින් මම මගෙ කදුළු පිසලමි
අපිව වෙන්කළ ක්‍රමය පෙරලමි

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...