Day: November 4, 2021

  • සීනිවලට වුණු වැඩේ හාල්වලටත් සිද්ධ වෙයිද?

    සීනිවලට වුණු වැඩේ හාල්වලටත් සිද්ධ වෙයිද?

    සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කරමින් මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අඩුකිරීමත් සමඟ පෞද්ගලික අංශයට ද සහල් ආනයනය කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

    ඒ අනුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න අද (4) පස්වරුවේ පවසා ඇත.

    මාස හයක කාලයකට බලපැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම බදු අඩුකිරීමේ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

    දේශීය ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් දිගින් දිගටම සහල් මිල අත්තොනෝමතිකව ඉහළ දැමීම පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණය ගත්බව රජය පවසයි.

    එසේම ආනයනකරුවන් රැසක් අද පස්වරුව වන විට ඉන්දියාවෙන් ‘පොන්නි’ සම්බා සහල් කන්ටේනර් දහයක් පහළවක් ආදි ප්‍රමාණ බැගින් ඇනවුම්කර ඇති බවද ඉදිරියේදී තවත් ආනයනකරුවන් සහල් තොග ඇනවුම්කිරීමට කිරීමට නියමිත බව ද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශකවරයා පවසා තිබේ.

    පසුගිය සමයේ සීනි මිල පහත දැමීමට බව පවසමින් සීනි ආනයනය බද්ද ද මේ ආකාරයටම පහත දමනු ලැබූ අතර නමුත් අවසානයේදී සිදුවූවේ රජයට විශාල බදු මුදලක් අහිමිවීම පමණි. ජනතාවට අඩු මිලට සීනි ලැබුනේද නැත.

    සීනි බදු අඩුකිරීම හරහාද එවැනිම ආකාරයේ සන්තෑසියක් සිදුවෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.

  • පාලන මිල ඉවතට හතක් තල්ලු කරන් එකක් පෙරට

    පාලන මිල ඉවතට හතක් තල්ලු කරන් එකක් පෙරට

    ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව ලොකු ළූණු, කුකුළු මස්, සීනි, පරිප්පු, අර්තාපල්, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මේ අනුව මීට පෙර රජය විසින්  ඉහත අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් පනවා තිබූ පාලන මිල රැගත් ගැසට් නිවේදන හතක් බලරහිත වේ. පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සහල් මිල විටින් විට ඉහළ යමින් පවතින අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට පාරිභෝගිකයාව ගසාකෑමේ අවස්ථාව ඉන් උදා වී තිබෙනවා. එපමණක්ද නොව ආණ්ඩුවට පාලනය කර ගැනීමට නොහැකි තැනට අද විවිධ භාණ්ඩ වල මිල ඉහළ යනවා වගේම භාණ්ඩ හිගයන් ද නිර්මාණය වී පාරිභෝගිකයා පෝලිං වල එක එක භාණ්ඩය මිලදී ගැනීම සඳහා සිටින තැනට පත්වී තිබෙනවා. කෙසේ වෙතත් ගෝඨාභය මහින්ද මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව සහ  ආණ්ඩුකරණයේ දුබලතාවය මේ මොහොත වන විට  පෙන්නුම් කර අවසන්.

  • වෙළඳ ඇමති පාරිභෝගිකයාට බලපෑම් කරයි

    වෙළඳ ඇමති පාරිභෝගිකයාට බලපෑම් කරයි

    නොවැම්බර් මස තුන් වැනිදා වෙළඳ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේ සතොස ආයතනයෙන් සහල් සහ සීනි අඩු මිලට අලෙවි කරන නමුත් පාරිභෝගිකයෙකුට සහල් හෝ සීනි විතරක් මිලදී ගත නොහැකි බවයි. අවම වශයෙන් එම භාණ්ඩ දෙක සමග තවත් භාණ්ඩ පහක් වත් මිලදී ගත යුතු බව ඔහු පවසනවා.

    බන්දුල ගුණවර්ධන පවසන ආකාරයට හාල් සීනි කහ  වල මිල මේ වන විට විශාල වශයෙන් අඩු කර තියෙනවා. හාල් සීනි කහ මිලදී ගන්න කෙනෙක් තවත් භාණ්ඩ පහක් මිලදී ගන්න එක අනිවාර්ය කිරීම ප්‍රතිපත්තියක් ලෙස අද සිට ක්‍රියාත්මක වෙනවලු. මේ අරුම පුදුම ප්‍රතිපත්ති සම්පාදනය වෙන්නේ විශාල වශයෙන් සිද්ධ කෙරෙන ජාවාරම් මැඩපැවැත්වීමට. ඒ විතරක් නෙවෙයි   බන්දුලගෙ අලුත්ම සොයාගැනීම බවට පත්වී තිබෙන්නේ හාල් සීනි වලින් විතරක් ගෙදරක මිනිසුන්ට ජීවත් වෙන්න බැරි බවයි.  ඒ නිසා ගෙදරක ආහාර වේලක සමබරතාවය රැකගන්න මේ ආණ්ඩුව සතොසෙන් බහන්ඩ 5 ක් මිලදී ගත්විට හාල් නිකුත් කරන්න තරම් මොංගල් වී තිබෙනවා.

    අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ වල පාලන මිල අයින් කරලා වෙළඳ මාෆියාවට අවශ්‍යකරන ආකාරයට මිල තීරණය කරන්න ඉඩ ඇරපු මේ ආණ්ඩුව දැන් ගෙදර කුස්සිය පාලනය කිරීමේ අයිතිය තමන්ගේ අතට ගන්න උත්සාහ කරනවා.

  • බුදුන්ටත් කෙලවලා ගොවියාටත් කෙළවන්න සූදානමින්

    බුදුන්ටත් කෙලවලා ගොවියාටත් කෙළවන්න සූදානමින්

    කෘෂිකර්ම ඇමතිවරයා මේ වන විට කරන්නේ ගොවියා නොපෙනෙන ඈතක ඉඳගෙන  උම්බෑ ගාන එකයි. ගොවිතැනට අවශ්‍ය කරන තෙල් බෙහෙත් පොහොර ඉල්ලන ගොවියන්ට අවලාද නගන එකයි.

    කෘෂිකර්ම ඇමති වරයාට අනුව නම් දැන් 480 000 වැඩි ගොවියන් ගොවිතැන් කිරීම ආරම්භ කරල තියෙනවා. මෙය සමස්ත කුඹුරු අක්කර ප්‍රමාණයෙන් 60% ක් 65 ක විතර ප්‍රමාණයක්.  තව සුමාන දෙකක් විතර යනකොට  ලංකාවේ තියෙන කුඹුරු අක්කර හෙක්ටයාර ලක්ෂ අටම ගොවියන් වගා කටයුතු ආරම්භ කරලා සම්පූර්ණ කරනවා. මේ ඔක්කොම කියන අතරතුර කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා බය නැතුව වී වගා කරන්න  කාබනික වී කිලෝ එකක් රුපියල් සීයට රජය ගන්න සූදානම් කියලා. මේ කියමන හරියට ගොවියා ම අන්දලා පාරිභෝගිකයාව කබලෙන් ලිපට දානවා වගේ එකක්. වී කිලෝවක් රුපියල් සීයකට ගත්තහම හාල් කිලෝවක මිල කීයද

    වත්මන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මේ වන විට සියලුම භාණ්ඩවල පාලන මිල එකිනෙක අත්හරිමින් ඉන්නේ. අවසාන වශයෙන් සීනි පාලන මිලත්  ඊයේ අත් හරිනු ලැබුවා. මෙසේ ගත් විට පාලනයක් නැති ආණ්ඩුවක් තුළ වී කිලෝවක මිල රුපියල් සීයට ගිය විට හාල් කිලෝ 1 මිල පාරිභෝගිකයාට දරන්න බැරි තරම් ඉහළ අගයක් ගන්න බව අපි කාටත් වැටහෙනවා.

    ඉතින් මේ කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු  කණ්ඩායම් එකතු වී කරන්නේ රටේ සමස්ත ජනතාව ඇන්දවීම පමණයි.