Breaking News

ගැබිණි කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම ගැන ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විරුද්ධ වෙයි

ඩෙල්ටා ප්‍රබේදය පැතිරෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම භයානක තත්වයක් හෙයින් ඊට විරෝධය දක්වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

කොවිඩ් වෛරසය වැලඳීම හේතුවෙන් මේ වන විටත් ගර්භණී කාන්තාවන් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවත් ආණ්ඩුව විසින් මේ අවස්වථාවේ අඩුම තරමේ මෙම ගර්භනී කාන්තාවන්වත් සේවයේ යෙදවීමෙන් වැලකී සිටිය යුතු බව එම ලිපිය මගින් අවධාරණය අවධාරණය කරයි.

කෝවිඩ් වයිරසය රට පුරා තදින් පැතිර යමින් තිබෙන තත්ත්වයක් තුළ ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම නොකරන්නැයි ඉල්ලා සිටින බව ද ඒකා බද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ලේකම්වරයා වෙත යවා ඇති බව ලිපියේ සඳහන් වේ.

leave a reply