ගැබිණි කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම ගැන ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විරුද්ධ වෙයි

ඩෙල්ටා ප්‍රබේදය පැතිරෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම භයානක තත්වයක් හෙයින් ඊට විරෝධය දක්වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

කොවිඩ් වෛරසය වැලඳීම හේතුවෙන් මේ වන විටත් ගර්භණී කාන්තාවන් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවත් ආණ්ඩුව විසින් මේ අවස්වථාවේ අඩුම තරමේ මෙම ගර්භනී කාන්තාවන්වත් සේවයේ යෙදවීමෙන් වැලකී සිටිය යුතු බව එම ලිපිය මගින් අවධාරණය අවධාරණය කරයි.

කෝවිඩ් වයිරසය රට පුරා තදින් පැතිර යමින් තිබෙන තත්ත්වයක් තුළ ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම නොකරන්නැයි ඉල්ලා සිටින බව ද ඒකා බද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ලේකම්වරයා වෙත යවා ඇති බව ලිපියේ සඳහන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...