අතිශය ප්‍රසිද්ධියට පත් ‘අලි’ නින්ද

මාස 15 කට පමණ ඉහත දී අසාමාන්‍ය සංචාරයක් ඇරඹි චීනයේ මෙම අලි රංචුව කිලෝමීටර් 500 කට ආසන්න දුරක් ගමනේ යෙදෙමින් ෂියැං නගරය අසල ගමක විවේක ගනිමින් සිටින මෙම ඡායාරූපය චීන බලධාරීන් විසින් ලබාගෙන තිබේ.

මෙම අසාමාන්‍ය සංචාරයත් සමග බලධාරීන් මෙම අලි ඇතුන් නැවත ආපසු හැරවීමට උත්සාහ කලත් එය සාර්ථක නොවී ඇති අතර නිරිතදිග ප්‍රදේශයට ඔවුන්ගේ ගමන බාධාවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ. ඒ අනුව ඩ්‍රෝන කැමරා 14 ක් , නිළධාරීන් 500 ක් යොදවා තිබේ . ප්‍රධාන මාර්ග වසා දමමින් නිරුපද්‍රිත ගමනාන්තයක් වෙත උදෙසා යුනාන් වනසංරක්ෂණ නිළධාරීන් නිරීක්ෂණ කටයුතු සිදුකරන අතර ඩොලර් මිලියන ගණනක දේපළ වලට මෙම අලි රංචුව හානි පමුණුවා ඇත. කෙසේ වුවද ඒෂාන් හි ප්‍රධාන මාර්ගයක් හරහා ගමන්ගත් මෙම අලි රංචුව , විශාල ජනගහනයක් වාසය කරනා කුන්මින් නගරයට ඇතුල් වීම පුවත් මැවීමට හේතු වී තිබේ .

ආසියානු විශේෂයේ ඉන්දියානු උප විශේෂයට අයත් මෙම අලි ඇතුන්ගෙන් දැනට චීනයේ ඉතිරිව සිටින ප්‍රමාණය 300 කට ආසන්න බව ගණන් බලා තිබේ. කෙසේ වුවද සංරක්ෂණවේදීන් විසින් මෙම සංචරණය පිළිබඳව නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති අතර , නව වාසස්ථානයක් සොයා යෑමක් ලෙස සමහර පිරිස් දක්වා තිබේ. එහෙත් ලි ඇතුන් නිජබ්ම් සංකල්පය මත ජීවත්වෙන සතුන් බැවින් එම අදහස ද විවාදාත්මකය. දැඩි වෙහෙසක දී හා විවේක ගැනීමේ දී බිම වැතිරී නිදා ගැනීම චර්‍යා රටාවේ අංගයක් වුවද , එය පියවි ඇසින් දැකීමට දුලබය. එයට හේතුව අතිශය ආරක්ෂිත යැයි හැඟෙන පරිසරයක දී පමණක් ඔවුන් වැතිර නිදා ගන්නා බැවිනි . කෙසේ වුවද හීලෑ අලි ඇතුන්ද මෙසේ නින්දට පත්වන අතර , ” ශබ්ද නගා ගොරවමින් ” නිදන හීලෑ අලින් ලියුම්කරු නිරීක්ෂණය කර තිබේ.

ශෂිකලන රත්වත්ත

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...