එක්ස්ප්‍රස් පර්ල් ගිනිගැනීමෙන් ධීවරයන්ට සිදුවූ හානියට වන්දි ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ.

විනිසුරු මඩුල්ලට මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඇතුලත්ය.

අදාළ පෙත්සම් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (ජූලි 10 වැනිදා) කැඳවනු ලැබීය.

එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බවට චෝදනා කර තිබේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවය.

තම සේවාදායකයින් ධීවර අමාත්‍යංශයේ සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සමග රැස්වීම්වලට සහභාගි වුවත් මෙතෙක් වන්දි ලැබී නොමැති බවත් ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පෙන්වා දී ඇත.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ ධීවර ප්‍රජාව, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් විශාල පාරිසරික විනාශයක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි.

එමෙන්ම මෙම සිද්ධිය හේතුවෙන් විශාල ධීවර ප්‍රජාවක් සිය ජීවනෝපාය අහිමිව අගතියට පත්වූ බවත් ඔවුන්ට සුදුසු වන්දියක් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...