මහජන දේපොළ කොල්ලකෑ එවුන් නිදැල්ලේ – මන්දිරවලටවූ හානි ගැන විමර්ශන

ජන අරගලය විසින් බලයෙන් පහකරන ලද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයට එරෙහිව වංචා සහ දූෂණ චෝදනා දහසක් තිබියදී අරගලකරුවන් විසින් රජයේ දේපොලවලට හනිකල බව සඳහන් කරමින් ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ. රාජපක්ෂලා පමණක් නොව රනිල් වික්‍රමසිංහ ද වංචාවන් සම්බන්ධ චෝදනා ලැබුවෙකි. එය සුළුපටු එකක් නොවේ. මහ බැංකු හොරකම යනු මෙතෙක් ලංකික ඉතිහාසයේ සිදුවූ විශාලතම වංචාවයි.

එසේ තිබියදී අරගලකරුවන් විසින් විනාශ කළ බව සඳහන් කරමින් ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ අරගලකරුවන් විසින් අත්පත්කරගත් දේපොළවල විගණනයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේ ඇතැම් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇඟිලි සලකුණු ලබාගනිමින් සිටින බවයි.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ පෞරාණික දේපළ රැසක් විනාශ වී ඇති බව රජය පවසයි. මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමටද අවශ්‍ය පියවර ගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පැවසේ.

එම විනාශයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවද පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පැවසේ.

කෙස්වෙතත් ජනතාව පවසමින් සිටින්නේ මේ ආකාරයට කෝටි ගණනින් මහජන දේපොළ මංකොල්ල කෑම් තිබියදී ඒවා ගණනකට නොගෙන අරගලකරුවන් අතින් පොදු දේපොළ විනාශ වූ බව පැවසීම පිටුපස මර්දනය කැඳවීමේ අනතුරක් ඇති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...