Breaking News

රජයේ සැප වාහනවලට මොනවා වෙයිද?

ආණ්ඩුවේ හිටපු ප්‍රධාන නිලධාරීන් විසින් භාවිත කරන ලද වාහන රැසක් නැවත බාරදී තිබීම සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ජාලවල කතා බහක් ඇතිව තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්, ජේ‍ශ්ඨ ජනාධිපති උපදෙශකවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විධායක අධ්‍යක්ෂකවරුන් ඇතුළු බොහොමයකගේ සුපිරි වාහන මේ අතර තිබෙන බව වාර්තා වේ.

මේ වාහන සඳහා යන වියදම සම්බන්ධයෙන් පහත ආකාරයේ අදහස් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.

මේ වගේ V8 වාහනම 60 කට වඩා භාර දීලා. ලේකම්ලට වාහන දෙන්න උවමනයි. හැබැයි ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා අඩු මේ වගේ luxury වාහන දෙන්න ඕනිද? නිකන් හිතමු. V8 හෝ ඒ වගේ වාහනයක් තෙල් ලීටර් එකකින් 5km දුවනවා කියලා. සතියට 200 km දිව්වොත් අවරුදු 4 කදි?
සතියට තෙල් ලීටර් 200/5 = 40
මාසෙට තෙල් ලීටර 40 x 4 = 160
ඩීසල් රුපියල් 300 යි කියල හිතුවොත් මාසෙට වියදම = 160 * 300 = 48000
අවුරුද්දට වියදම = 48000 x 12 = 576000
අවුරුදු 4 ට විදයම = 576000 x 4 = 2304000
ආසන්න වශායන් ලක්ෂ 23 ක්.
වාහන 60 ක් කියලා ගාන හැදුවොත් = ලක්ෂ 23 x 60 = ලක්ෂ 1380 ක්.
රුපියල් කෝටි 13 ක්.

ඇත්තටම වාහන 60 ද තියෙන්නෙ එහෙම? නෑ ඊට වඩා වැඩි. අනික කිලෝමීටර් 200 ද සතියට දුවන්නේ? මේ තෙල් වියදම විතරක්. තව නඩත්තු වියදම්? ඒවා බැලුවම කොච්චර වෙයිද? ඉතින් මෙච්චර සල්ලි නාස්ති කරාම අපි මේ ගාන හරි ඉන්න එක ගාන සතුටු වෙන්න ඕනි. අපිට මේ සාමාන්‍ය පොඩි කාර් එකක් හැමදාම පැදගන්න බෑ වියදම් වැඩි! මේ අපි දැකපු එක දෙයක් විතරක්. තව කොච්චර මෙහෙම දේවල් ඇතිද?

නමුත් ඇතැම් පිරිස් පවසන්නේ මෙම වාහන බාවිත නොකිරීමෙන් කෝටි 13ක් ඉතිරිකර ගත හැකි වුවද මේ මොහොතේ රටේ පවතින අර්බුදයට එය ප්‍රමාණවත් නොවන බවයි.

එසේම ඇතැම් පිරිස් පවසන්නේ අලුතෙන් පත්වූ ආණ්ඩුව මෙවැනි වියදම් අවම කිරීමට මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් නොගෙවූ බදු අයකර ගැනීම කෙරෙහිද උනන්දු විය යුතු බවයි.

එසේම ජන අරගල සන්ධානය නියෝජනයේ විධායක සභික ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ පවසන්නේ මෙම වාහන නැවත අපනයන කිරීම හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් රටට ලබාගත හැකි බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධ ආණ්ඩුවේ අදහස තවම පළකර නැත.

leave a reply