Breaking News

සීනිවලට වුණු වැඩේ හාල්වලටත් සිද්ධ වෙයිද?

සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කරමින් මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අඩුකිරීමත් සමඟ පෞද්ගලික අංශයට ද සහල් ආනයනය කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න අද (4) පස්වරුවේ පවසා ඇත.

මාස හයක කාලයකට බලපැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම බදු අඩුකිරීමේ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

දේශීය ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් දිගින් දිගටම සහල් මිල අත්තොනෝමතිකව ඉහළ දැමීම පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණය ගත්බව රජය පවසයි.

එසේම ආනයනකරුවන් රැසක් අද පස්වරුව වන විට ඉන්දියාවෙන් ‘පොන්නි’ සම්බා සහල් කන්ටේනර් දහයක් පහළවක් ආදි ප්‍රමාණ බැගින් ඇනවුම්කර ඇති බවද ඉදිරියේදී තවත් ආනයනකරුවන් සහල් තොග ඇනවුම්කිරීමට කිරීමට නියමිත බව ද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශකවරයා පවසා තිබේ.

පසුගිය සමයේ සීනි මිල පහත දැමීමට බව පවසමින් සීනි ආනයනය බද්ද ද මේ ආකාරයටම පහත දමනු ලැබූ අතර නමුත් අවසානයේදී සිදුවූවේ රජයට විශාල බදු මුදලක් අහිමිවීම පමණි. ජනතාවට අඩු මිලට සීනි ලැබුනේද නැත.

සීනි බදු අඩුකිරීම හරහාද එවැනිම ආකාරයේ සන්තෑසියක් සිදුවෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.

leave a reply