රාමායන් ට්‍රේල්ස් හරහා සිදුවන්නේ කුමක්ද?

රාම – රාවණ පුරවෘත්තය සමග සම්බන්ධ වී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන 9ක් ‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස්’ නමින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් 21 වන දා කොළඹදී ආරම්භ කෙරිණි.

“ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාව වර්ධනය කිරීම සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින්, අතිනවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නියමිත,” ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය එහිදී නිල වශයෙන් ආරම්භ විය.

ඉන්දියාවේ අයෝධ්‍යයාහි ඉදිකරන ලද ශ්‍රී රාම කෝවිලේ ප්‍රධාන භාණ්ඩාගාරික ගෝවින්ද් දේව්ගිරි මහාරාජ්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර, මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්විය.

මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආයෝජනයක් බව පැවසේ.

ශ්‍රී රාමායන් ට්‍රේල්ස් හෙවත් ශ්‍රී රාමායන මංපෙත් යනුවෙන් හැඳින්වෙන මෙම ව්‍යාපෘතියේදී රාමා – සීතා කතාවට සම්බන්ධ බවට පිළිගැනෙන ශ්‍රී ලංකාවේ ස්ථාන 9ක් සංවර්ධනය කෙරේ.

එම ස්ථාන 9 මෙසේ ය.

  1. මන්නාරම් ද්‍රෝණියේ ඇති බව කියන ආදම්ගේ පාලම. (එකමුතුකම සහ ශක්තිය සංකේතවත් කරමින් රාම් දෙවියන්ගේ හමුදාව විසින් ඉදිකරන ලද පුරාවෘත්තයෙහි සඳහන් පාලම)

  2. අශෝක වතිකා සීතාඑළිය. (සක්‍රීය හරිත හා නිස්කලංක පරිසරයක් මධ්‍යයේ රාවණා විසින් සීතා දේවිය සිර කරනු ලැබ සිටි ස්ථානය බව කියන ශාන්ත වූ අභයභූමිය)

  3. වැලිමඩ, දිවුරුම්පොළ. (දරා ගැනීමේ හැකියාව හා දැහැමි බව පිළිබඳ සාක්ෂියක් වන අග්නි පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයේ සිට සීතා දේවියගේ චරිතයේ නිර්මලත්වයට උපහාර දැක්වීම)

  4. උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය. (රාමා මුලින් ම ලංකාද්වීපයට ගොඩ බසින ලද ස්ථානයේ සිට හනුමාන්ගේ වීර ගමනට ගෞරව දැක්වීම)

  5. ගාල්ල – රූමස්සල. (සංජීවනීය ඖෂධ පැළෑටිය සෙවීමේ හනුමාන්ගේ ගවේෂණයෙන් ලද බව කියන උද්භිද උද්‍යානය)

  6. ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිල. (ශිව දෙවියන් උදෙසා වන්දනාමාන කරන මෙම පෞරාණික විහාරස්ථානයේ වාස්තු විද්‍යාත්මක වැදගත්කම සහ ආධ්‍යාත්මික වැදගත්කම අත්විඳීම)

  7. හලාවත – මානවරි කෝවිල. (කරුණාවේ සහ භක්තියේ සංකේතයක් වන රාම් දෙවියන් විසින් ස්ථාපනය කරන ලද කෝවිලකි)

  8. ඇල්ල – රාවණාගේ ගුහාව. (සීතා සඟවා තැබූ බව කියන ස්ථානය)

  9. කතරගම නොහොත් දකුණු කෛලාශය.

මේ අතර, මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ, රාමා – සීතා පුරාවෘත්තය සමග බැඳුණු ඓතිහාසික කතාන්දරය, කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality, සහ Virtual reality වැනි අතිනවීන තාක්‍ෂණික ක්‍රම ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම යි.

රාවණා යනුවෙන් කිසිවෙකුත් ලංකාව තුළ වාසය කළ බවට කිසිදු තොරතුරක් හෝ සාක්ෂියක් හමුවී නැත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක BBC සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් ඒ බව තහවුරු කර තිබේ.

“රාවණා ගැන කියවෙන්නේ, වාල්මිකීගේ රාමායණය නමැති වීර කාව්‍යයේ විතරයි. ඒක ප්‍රබන්ධයක්. ශ්‍රී ලංකාවෙන් නම් රාවණා හෝ රාමායණයට අදාළ කිසි ම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමු වෙලා නෑ. රාවණා ඇල්ල, රාවණා ගුහාව වගේ නම් භාවිත කරලා තියෙන්නේ පසු කාලෙක. ඒ නිසා රාවණා කතාව අපට පිළිගන්න බැහැ,”

මෙම ව්‍යාපෘතිය ලංකාවට එල්ල වෙමින් තිබෙන ඉන්දියාවේ ආර්ථික ආධිපත්‍යයේම කොටසක් ලෙස ක්‍රියාත්මක වෙන්නක් බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...