මාස 9ට වෙඩි තැබීම් 79ක්

පසුගිය මාස හත තුළ ශ්‍රී ලංකාවේ වෙඩි තැබීම් සිද්ධීන් 79 ක් වාර්තා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 52 ක් සහ අත්අඩංගුවට ගැනීම් 260 ක් සිදුවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසීය.

2024 සැප්තැම්බර් 21 සිට 2025 මැයි 8 දක්වා කාලය තුළ මෙම වෙඩි තැබීම් සිදුවී ඇත. සිදුවීම් 62 ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවත්, 17 ක් වෙනත් ආකාරයේ වෙඩි තැබීම් ලෙස වර්ගීකරණය කර ඇති බවත් ඇමතිවරයා පවසයි.

අත්අඩංගුවට ගත් 260 දෙනාගෙන් 229 ක් සංවිධානාත්මක අපරාධවලට සෘජුවම සම්බන්ධ බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

රජය සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා පියවර ක්‍රියාත්මක කර ඇති බවත්, 2022 සහ 2023 වසරවලට සාපේක්ෂව අපරාධ අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ ගොස් නොමැති බවත් ඇමතිවරයා පවසයි. නව රජය බලයට පත්වීමෙන් පසු වෙඩි තැබීම්වල තියුණු වැඩිවීමක් සිදුව ඇති බවට වන චෝදනාව ඇමතිවරයා ප්‍රතික්ෂේප කර ඇත.

ඇමතිවරයා එලෙස පැවසුවද 2023 වසරේ වෙඩි තැබීම සිදුවීම් 120ක් වාර්තා වී ඇති අතර 54 දෙනෙකු මියගොස් තිබේ.

2024 වසරේ වෙඩි තැබීමේ සිදුවීම් 103ක් වාර්තා වී ඇති අතර 61 දෙනෙකු මියගොස් තිබේ.

මෙහි ඇති ප්‍රශ්නය වෙඩි තැබීම අඩුවීම හෝ වැඩිවීම පමණක් නොවේ. වෙඩි තැබීම තවදුරටත් ක්‍රියාත්මක වීමයි. එය නැවත්වීමට ආණ්ඩුවට නොහැකි වීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...