Breaking News

ඉන්දු – පකිස්ථාන ගැටුමේදී ලංකාවට අත්වන ඉරණම ගැන ආණ්ඩුව නිහඬයි

කාශ්මීර ප්‍රාන්තයේ පෙහෙල්ගාම්හි සිදුවූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර යුධ තත්ත්වයක් ඇතිවීම හරහා එය ලංකාවට කෙලෙස බලපාවිද යන්න ගැන කතා බහක් ඇතිව තිබේ. එයට හේතුව ලංකාව මෑතකදී ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබීමයි. එය කුමන ආකාරයේ ආරක්ෂක ගිවිසුමක්ද යන්න තවමත් ආණ්ඩුව හෙළිකර නැත.

පෙහෙල්ගාම්හි ප්‍රහාරය සිදුවූ වහාම ලංකාවේ ජනාධිපතිවරයා ඉන්දියාව වෙත ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණි.

මේ අතර විපක්ෂයද ආණ්ඩුවට චෝදනා කරන්නේ පකිස්ථානය සහ ඉන්දියාව අතර යුධ තත්ත්වයක් ඇතිවුවහොත් අප ගන්නා ස්ථාවරය කුමක්ද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බවයි. එසේම අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හෙළිකරන ලෙස ඉල්ලා තිබේ.

ඕනෑ ම ඉන්දියා-පාකිස්ථාන අර්බුදයක ඇති බරපතළ ම අවදානමක් වන්නේ දෙපාර්ශවය ම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වීමයි.

මේ අතර ඉන්දීය නාවික හමුදාව යුධ අභ්‍යාස පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය නිවේදනය කර තිබේ. මෙම අභ්‍යාස කුමන ස්ථානයක පවත්වුවේද යන්න ගැන සඳහන් නොකර ඉන්දීය හමුදා සඳහන් කර තිබුනේ දිගු දුර ප්‍රහාර සඳහා තමන්ගේ සූදානම මෙහිදී පරික්ෂා කර බැලූ බවයි.

ඉන්දීය අගමැති මෝදී සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං “ශක්තිමත් ප්‍රතිචාරයක්” දක්වන බවට ප්‍රතිඥා දී තිබේ.

දේශපාලන විශ්ලේෂකයින් පවසන පරිදි, ප්‍රශ්නය වන්නේ මිලිටරි ප්‍රතිචාරයක් ලැබේ ද යන්න නොව – එය කවදා ද, කෙසේ ද යන්න සහ කුමන පරිමාණයකින් සිදුවේ ද යන්න ය.

2016 සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු සෙබළුන් 19 දෙනෙකු මිය ගිය මාරාන්තික ඌරී ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සිට සටන්කාමීන් ඉන්දියාවට පැමිණීමට සූදානම් වන ස්ථාන ඉලක්ක කර ගනිමින් නිල නොලත් දේශසීමාව එනම් පාලන රේඛාව (LoC) හරහා ප්‍රහාර එල්ල කර තිබුණි. ඒ, පාකිස්ථාන පාලනයට නතු කාශ්මීර කාලාපයේ සටන්කාමීන් ප්‍රහාර දියත් කිරීමට යොදා ගන්නා බවට ඔවුන් කියන ස්ථාන ඉලක්ක කරමිනි.

2019දී, පුල්වාමාහි අවම වශයෙන් පැරාමිලිටරි භටයින් 40 දෙනෙකු මිය ගිය පසු, ඉන්දියාව බාලාකෝට්හි සටන්කාමී කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. 1971න් පසු පාකිස්ථානය තුළ අභ්‍යන්තරය වන්නට එවැනි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව එයයි. පාකිස්ථානය ගුවන් ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්වූ අතර, එය ගුවන් සටනකට තුඩු දුන් අතර ඉන්දියානු ගුවන් නියමුවෙකු කෙටි කලට සිය ග්‍රහණයට ගනු ලැබිණි. දෙපාර්ශවය ම ශක්තිය පෙන්වූ නමුත් පූර්ණ පරිමාණ යුද්ධයක් ඇති වීම වළක්වා ගන්නා ලදී.

වසර දෙකකට පසු, 2021දී, ඔවුන් LoC සටන් විරාමයකට එකඟ වූ අතර, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ නැවත නැවතත් සටන්කාමී ප්‍රහාර සිදු වුව ද, එය බොහෝ දුරට ක්‍රියාත්මක විය.

නමුත් පෙහෙල්ගාම්හි සිදුවූ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ සාමාන්‍ය ජනතාව වීම නිසා විශාල මහජන කෝපයක් ඉන්දියාව තුළ ඇතිව තිබේ. එය මෝදීට වාසිදායක තත්ත්වයකි. පක්සිතනයට එරෙහි ඕනෑම ආකාරයේ ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියව මෝදීට පවතියි.

leave a reply