50% නොමැති පළාත් පාලන ආයතන 178 ක සභා පිහිටුවීම අවසන් නෑ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව සියලු පළාත් පාලන අයතනවල ධූර කාලය අදින් (ජූනි 2) ආරම්භ වෙයි. නමුත් තවමත් පළාත් පාලන ආයතන ඡන්දයේ බහුතර බලයක් දිනා නොමැති ආයතන 178 ක සභා පිහිටවීම ගැටළුවක් ලෙස පවතින බව වාර්තා වේ.

මේ අනුව එම පළාත් පාලන ආයතනවල සභා පිහිටවීම දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් අද (02) රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කිරීමට නියමිතව ඇත.

50% නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය මෙන් ම, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මේ වන විට තරගයක නිරතව සිටියි.

ඒ අනුව, 50% නොමැති පළාත් පාලන අයතනවල සභාපති, උපසභාපති තෝරා පත් කර ගැනීම ලබන ජූනි 2 වන දා පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වීමෙන් පසු තීරණය කෙරෙනු ඇති බව පැවසේ.

පළාත් පාලන ආයතනවල යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තේරී පත් වන සභික සංඛ්‍යාවෙන් 50%ක හෝ ඊට වැඩි බලයක් ලබා නොගැනීම විශාල ගැටලුවක් නොවන බවත් එය තීරණාත්මක වන්නේ සභාපති හෝ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදීයි.

පළාත් පාලන කොමසාරිස් සහ අදාළ දිස්ත්‍රික්කයේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා මූලිකත්වයෙන් පළවෙනි රැස්වීම පවත්වා, ඡන්දයකින් පොදු එකඟතාව මත සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරාගැනීමට හැකියාව පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...