ගම සමඟ පිළිසඳර හරහා සිදුකරන්නේ මහා පරිමාණයෙන් වනාන්තර ඇතුළු භූමි ප්‍රදේශ සමාගම්වලට ලබාදීම නිසා ඇතිවෙන ප්‍රතිවිරෝධතා වැළක්වීමට උත්සාහ කිරීම බව පරිසරවේදී සජීව චාමිකර පවසයි.
එසේම කෘඩියා සිලනිකා ශාකය විනාශ කිරීම යනු ගහක් කැපීමට ලඝු කළ නොහැකි බවත් එය පද්ධතියක් විනාශ කිරීමක් බවත් ඔහු පවසයි.
‘දෙරණ’ රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළකර තිබුණි. එම වැඩසටහනේදී සජීව චාමිකර පලකළ අදහස් පහත දැක්වේ.
කෘඩියා සිලනිකා ශාකය
ඇත්තටම මෙතන ගහක් කපල දානවා කියන තත්ත්වයටම ලඝු කරන්න බැහැ. පද්ධතියක් විනාශ කිරීමක් සිද්ධ කරන්නේ. මේ පද්ධතියත් එක්ක තමයි මේ ශාකයේ පැවැත්ම ගොඩ නැගිලා තියෙන්නෙ. ලංකාවේ රතු දත්ත පොත සකස් කරන කොට මේ ශාකය වඳ වී ගිය ශාකයක් ලෙස තමයි පළවෙනියටම දක්වලා තියෙන්නෙ. පසුව මේ ස්ථානයේ මේ ශාකය වාර්තා වුණා. නිමේෂ් තමයි ඒක හොයාගත්තෙ. රතු දත්ත පොත පමණක් නෙමෙයි. වන සත්ව සහ වෘක්ෂ ලතා ආඥා පනත යටතේ මේ ශාකය ආරක්‍ෂිත ශාකයක් ලෙස නම් කරලා තියෙනවා. ඒ වගේම ඒ යටතේ දක්වලා තියෙනවා එම ශාකයට හානි කිරීම බලපෑම් කිරීම රුපියල් දස දහසත් අතර දඩයකට අවුරුදු 2ත් 5ත් අතර දඬුවමකට හෝ ඒ දෙකටම ලක් කරන්න පුළුවන්. එතකොට මේ තරම් ආරක්ෂාවක් යටතේ මේ ශාකයක් ආරක්ෂා කරලා තියන්න පසුබිම ගොඩ නැගුනේ මෙහි තියෙන පාරිසරික සහ ජෛව විද්‍යාත්මක වටිනාකම්. උදාහරණයකට අපිට පෞද්ගලික අත්දැකීම් තියෙනවා තායිලන්තය වගේ රටවල මේ වගේ ඉදිකිරීම්වලින් යම්කිසි ශාකයකට හෝ පද්ධතියකට හානි කරනකොට ඒ වගේ තැනක් ආරක්ෂා කරලා සංචාරකයන් ආකර්ෂණය කරන ස්ථානයක් බවට පත්කරනවා. මේකම උදාහරණයකට ගත්තොත් මහා මාර්ගය ඉදිකරනකොට පද්ධතිය ආරක්ෂා කරලා තිබ්බොත් සංචාරක ආකර්ෂණයටත් මේක ලක් කරන්න පුළුවන්. තායිලන්තයේ වේල්ලක් ඉදිකරන වෙලාවේ ඒ රටට අවේනික සහ ඒ රටේ අභිචාර විධි එක්ක සම්බන්ධ ශාකයක් තිබුණා ඔවුන් එම ගස සහිත ප්‍රදේශයට විශාල ඉඩක් වෙන් කරලා ඈත සිට ජනතාවට නැරඹිය හැකි ආකාරයට පහසුකම් සැලසුවා. ඒ හරහා ඔවුන් ගොඩනගලා තියෙනවා සංරක්ෂණය කියන එක යා යුතු පැත්ත. මේ හරහා සංවර්ධන ක්‍රියාවලියකදී වුනත් කොච්චර පරාසයක් තුළ හිතන්න ඕනද කියන අදහස කුඩා දරුවෙකු තුළ වුනත් ඇති කරන්න එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට පේනවා මේ ශාකය කපලා ඉවත්කරලා හෝ සම්පූර්ණයෙන් ඉවත්කරලා මාර්ගය ඉදිකරන්න තමයි උත්සාහ කරන්නේ.
අපිට ගහක් ගලවලා හිටවීමට අවශ්‍ය තාක්ෂණයත් නැහැ. අනිත් කාරණය ඕනෑම ජිවියෙකුගේ තියෙනවා ක්ෂුද්‍ර වාසස්ථානය කියලා එකක්. ආවේණික ජීවී විශේෂයක් ගොඩ නැගෙන්නේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ මේ ශාකය නොනැසී පවතිමින් කුඩා වපසරියක් තුළ පරිණාමය වෙන්න හේතු සාධක තමයි ක්ෂුද්‍ර වාසස්ථානය කියන එක. මේකෙ තියෙන පසේ සංයුතිය කියන එක. ඒ ආසන්නයේ මේ ශාකයත් එක්ක බැඳිලා තියෙන අනෙක් ජෛව පද්ධති. ඒ සියලු දේවල් මත තමයි මේ ශාකයේ පැවැත්ම තීන්දු වෙන්නෙ. ශාකයක් කියන එකට හුදකලාව පැවැත්මක් නැහැ. සුදු හඳුන් ශාකය ගත්තොත් පැළයක් ගෙනිහිල්ලා තව තැනක හිටෝලා පැලයක් ගන්න බැහැ. වටේ තියෙන පද්ධතියත් අරන් යන්න ඕනා. මොකද මූල පද්ධතියත් එක්ක තමයි සම්බන්ධෙ තියෙන්නෙ.
https://www.youtube.com/watch?fbclid=IwAR3Ytnv7vVJ2Zj1dDWHvfR1Nk4uaBZlOcS7BPU09MKk3xnJML-hUFyH6bEA&v=A0hkNjJhCbM&feature=youtu.be
පරිසර බලපෑම් තත්ත්ව වාර්තා
පරිසර බලපෑම් තත්ත්ව වාර්තාවක් හඳුනා ගන්නකොට විකල්ප තුනක් හදුනා ගන්නවා. පරිසර බලපෑම් තත්ත්ව වාර්තා ක්‍රියාවලියේ තියෙන දුර්වලතා පෙන්නන්න හොඳම සාධකය තමයි මේ කෘඩියා සිලනිකා ශාකය සම්බන්ධ සිදුවීම. ලංකාවේ පරිසර තත්ත්ව වාර්තා ක්‍රියාවලිය පාවිච්චි වෙන්නෙ තිරසාර සංවර්ධන උපායමාර්ගයක් විදිහට තියෙන ක්‍රියාවලිය ගොඩනගන්න නෙමෙයි. මේක පවිච්චි වෙන්නෙ හැමවෙලාවෙම පාරිසරික අනුමැතිය ලබා ගැනීමට පමණයි. පරිසර බලපෑම් තත්ත්ව වාර්තාවක නෛතිකව තියෙන ප්‍රධාන කරුණ තමයි විකල්ප අධ්‍යනය කියන එක. ස්ථානය තුනක් විකල්ප ලෙස හඳුනාගෙන ඒ තුනෙන් හොඳම විකල්පය හඳුනා ගැනීම. පරිසර බලපෑම් තත්ත්ව වාර්තා ක්‍රියාවලිය තුළ ලොකු අඩු පාඩු වෙලා තියෙනවා. එහෙම නොවුනානම් එහෙම හොදම විකල්පය ලෙස මේ ශාකය තියෙන පද්ධතියක් තෝරාගන්න විදිහක් නැහැ. පරිසර තත්ත්ව ඇගයීම් ක්‍රියාවලිය තුළදී මේ වාර්තාව ඉතාම දුර්වල බව පැහැදිලිව පේනවා. දෙවැනි එක තමයි ඒකට ලබාදීපු නිර්දේශ. ඒ කොන්දේසි සහිත නිර්දේශ ලබාදීමේදී මේක ආරක්ෂා කරන්න ඕනා කොහොමද වගේ වැඩපිළිවෙලවල් සඳහන් වෙනවා. එතකොට මේ කොන්දේසි උල්ලංඝණය කරලා තියෙනවා. අපිට හොඳින් පේනවා. අපේ ලංකාවෙ සංවර්ධන ක්‍රියාවලින්වලදී පරිසර බලපෑම් තත්ත්ව වාර්තාවකට අනුමැතිය ලබාදීලා මේ ආකාරයෙන්මයි සිද්ධ වෙන්නෙ. මාධ්‍ය පරිසර අධිකාරියෙන් හෝ අදාළ අනුමැතිය ලබාදෙන ආයතනවලින් නිර්දේශ ඉදිරිපත් කළාට ඒ කොන්දේසි නැවත සපුරනවාද කියලා පසුවිපරමක් වෙන්නෙ නැහැ. ඒ සංවර්ධන ක්‍රියාවලියේ නිරතවෙලා ඉන්න පුද්ගලයන්ට ඕන පරිදි තමයි සිද්ධ වෙන්නෙ. පරිසර ඇගයීම් ක්‍රියාවලියේ තියෙන ලොකු දුර්වලතා මේ හරහා විද්‍යමාන වෙනවා. අනිත් පැත්තෙන් ඒ ලබාදෙන අනුමැතීන් කොයි විදිහටද මේ ආයතන උල්ලංඝණය කරමින් කරගෙන යන්නෙ. මාර්ග සංවර්ධන අධිකාරිය බැඳිලා ඉන්නවා ඔවුන්ට ලබාදී තියෙන පරිසර ඇගයීම් වාර්තාවේ කොන්දේසි සපුරමින් ව්‍යපෘතිය සිදුකරන්න. අපිට පේනවා පසු විපරමක් සිදුවෙලා නැහැ. මොකද මධ්‍යම පරිසර අධිකාරිය පසු විපරමක් කළා නම් මේ ශාකයට කිසිදු පීඩනයක් හෝ බලපෑමක් ඇති නොකර මේක ක්‍රියාත්මක වෙන බව තහවුරු වෙන්න ඕනා. අපිට පැහැදිලිව පෙන්වා පරිසර ඇගයීම් ක්‍රියාවලිය දෝෂ සහිතයි. අනුමැතිය ලබාදීලා ක්‍රියාත්මක කරන ව්‍යුහය දෝෂ සහිතයි. පසු විපරම දෝෂ සහිතයි. මේ ක්‍රියාවලිය හදන්න මේක පුර්වාදර්ශයක් කරගන්න ඕනා.
මෙරටට පමණක් අවේනික වෘක්ෂලතා
ඒ ස්ථානවලම විතරක් වාර්තා වෙන ශාක දැනට ලංකාවෙ තියෙනවා. ඊට අමතරව අපි දන්නවා රතු දත්ත ලේඛනයේ දැඩි ලෙස වඳ වීමේ තර්ජනයකට ලක්වෙලා ඇති බව වාර්තා කරපු විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයකට ලංකාවේ සපුෂ්ප ශාක තියෙනවා 3342ක්. සපුෂ්ක ශාක විවිධත්වය ගත්තම ඉතා ඉහළයි. ඒ අතරින් ආවේණික ශාක 926ක් තියෙනවා. ඒ කියන්නෙ මේ ශාක මුළු ලෝකයෙන්ම ලංකාවෙ විතරයි තියෙන්නෙ. ඕකෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්වූ ශාක.
ලංකාවට ආවේණික ශාක 926න් බහුතරයක් වාර්තා වෙන්නෙ වනාන්න්තර පද්ධතිවලින් විතරයි. ලංකාවෙ වියලි කලාපීය වනාන්තර ඉතුරුවෙලා තියෙන්නෙ සියයට 14යි. අති විශාල ජෛව ප්‍රජාවක් සාන්ද්‍රණය වෙලා තියෙන තෙත් කලාපයේ සියයට 3යි වනාන්තර ඉතුරුවෙලා තියෙන්නෙ. ඔය ඇතුලේ තමයි අපි සඳහන් කරපු ආවේණික ශාක බහුතරක් තියෙන්නෙ.
ගම සමඟ පිළිසඳර සහ පරිසර විනාශය
දැනට ගම සමඟ පිලිසඳරක් සමඟ උත්සාහ දරන්නේ මහා පරිමාණයෙන් වනාන්තර ඇතුළු භුමි ප්‍රදේශ සමාගම්වලට ලබාදෙන ක්‍රියාවලිය සඳහා මතුවෙන ප්‍රතිවිරෝධතාවය වැළක්වීම.සඳහා යාන්ත්‍රණයක් ගොඩ නැංවීම කියන එක තමයි මගේ විග්‍රහය. මම එක කියන්නේ පදනම් කීපයක් ඇතුව. ගම සමඟ පිලිසඳරක් එන්න ඉස්සෙල්ලා අපි දැක්කා වනාන්තර ඇතුළු විශාල භූමි ප්‍රදේශ සමාගම්වලට දෙන්න සැලසුම් වුණා. එකක් තමයි IMS හෝල්ඩින් සමාගමට මොණරාගල, අම්පාර සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක 3න් අක්කර 62500ක් උක් වගා කරන්න දෙනවා. අක්කර 572ක භූමියක් ලබාදෙනවා කර්මාන්තශාලාව ඉදිකරන්න. මේ මිනිස්සුන්ගේ හේන් වගා භූමි තමයි ලබාදෙන්නේ. ඊළඟට අපි දැක්කා රඹකැන් ඔය පොල්ලෙ බැද්ද ප්‍රදේශය. විශාල ගොවි ජනතාවක් පවිච්චි කරන ජල පෝෂක පද්ධතියක් තමයි සමාගම් 15ට දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. අක්කර 5426ක භූමියක්.
ඒක ලබදෙනකොට විශාල ප්‍රතිවිරෝධයක් ආවා. දැන් කැබිනට් අනුමැතියක් ගත්තා අක්කර 2750ක් ලබාදෙන්න. අනුරාධපුරය, මොණරාගල සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක තුනෙන් අක්කර 80000ක් බඩ ඉරිඟු වගාව සඳහා සමාගම් කිහිපයකට ලබාදෙන්න සැලසුම් කර තිබෙනවා. පැල්වත්ත ප්‍රදේශයේ කෘෂිකාර්මික ප්‍රදේශ සහ වනාන්තර ප්‍රදේශ අක්කර 7000ක් සමාගම්වලට ලබාදෙනවා. මාගම්පුර වරාය චීන සමාගම්වලට බදු දෙනකොට අක්කර 15000ක් ඉල්ලුවා ඒ ආශ්‍රිතව කර්මාන්තශාලා ස්ථාපිත කරන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොටසකුත් මොණරාගල දිස්ත්‍රික්කයෙන් කොටසකුත් මේ වෙනකොට මැනීම් කරලා වෙන් කිරීම් පවා කරලා තියෙනවා. කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 8500ක් සමාගම්වලට දීගෙන යනවා. ගොවි ජනතාව පීඩනයකට ලක්වෙලා ඉන්නවා. මේ එන ප්‍රතිවිරෝධය වළක්වන්න ක්‍රමවේදයක් ඕනා. ඒකතමයි ගම සමඟ පිළිසඳර වැඩසටහනෙන් සිදුකරන්නෙ. මේක මේ විදිහට ගියොත් එහෙම අපි සුළු සතුටක් ලබයි. ලබලා ඉවරවෙලා මහා පරිමාණ දුකකට තමයි අනිවාර්යයෙන් පරිවර්තනය වෙන්නෙ.
ඊට පස්සෙ දහයියාගල සමඟ බැඳිලා තියෙන පද්ධතිය මොන වගේද කියලා කිව්වොත් දැනට වනාන්තර පද්ධති ලෙස පිහිටලා තියෙන්නෙ ඉතාම අතළොස්සයි. දහයියාගල අභය භූමියට ඉහළින් තියෙන යෝජිත බෝගහ පට්ටිය අභය භූමිය පටන් ගන්නෙ සමනල වැව ප්‍රදේශයෙන්. අක්කර සියය , සොරගුණේ දේවාලයට අයත් නින්දගම් විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඊට අමතරව තියෙනවා බෝගහ පට්ටිය ප්‍රදේශය. යෝජිත බෝගහ පට්ටිය අභය භූමිය තුළ තමයි කරඹ කැටිය කියන ඉතා වැදගත් ලවන නිධිය පිහිටලා තියෙන්නෙ. උඩවලව ඇතුලු ඒ ආශ්‍රිත අලි ඇතුන් සහ කුඩා ක්ෂීරපායි සතුන් ලවණ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඒ කලාපයට එනවා. එතකොට ඒගොල්ලෝ එතනට සම්බන්ධ කරන පද්ධතිය තමයි දහයියියාගල අභය භූමිය හරහා වැටිලා තියෙන්නෙ. විශේෂයෙන් 2006 වසරේ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් එක්ක විශාල ගැටීමක් ඇතිවුණා දහයියාගල අභය භූමියේ විදුලි වැටවල් ඉදිකරන්න සූදානම් වුණේ බෝගහපට්ටිය වනාන්තර පද්ධතියට යන්න තියෙන මාර්ගය සම්පුර්ණයෙන් අවහිර කරලා. ඒ මාර්ගය අවහිර කිරීම වළක්වලා විදුලි වැට ඉදිකරගැනීමට අවසානයේ හැකි වුණා. ඒ ක්‍රියාවලිය තමයි ගම සමඟ පිළිසඳර වැඩසටහනක් හරහා සම්පුර්ණයෙන් උඩු යටිකුරු කරලා දැම්මෙ. මේක නැවත වරක් යථා තත්ත්වයට පත්කිරීම සඳහා අපිටත් ලොකු අරගලයක් කරන්න වෙනවා. මොකද මේවා වන සත්ව සහ වෘක්ෂ ලතා ආඥා පනත යටතේ අභය භූමි ලෙස ප්‍රකාශයට පත්කරලා සුරක්ෂිත කර තියෙන්නෙ අපේ සුළු ලාභ සඳහා නෙමෙයි. අනෙක් එක මේ ක්‍රියාවලියත් එක්ක බද්ධ වෙලා ඉන්න පිරිස් ගංජා හේන් පවත්වාගෙන යන කණ්ඩායම්. ඒ සඳහා තමයි මිනිස්සු විශාල ප්‍රමාණයකගේ ස්වභාවික සම්පතක විනාශ කරලා දාන්නෙ. වැව්වල ජලපෝෂක පද්ධතිය තිබුණොත් තමයි ඒ ප්‍රදේශයේ ජනතාවට අලි ප්‍රශ්න නැතුව කටයුතු කරන්න පුළුවන් වෙන්නෙ. ගංජා හේන් පවත්වාගෙන යාම සඳහා සම්බන්ධ වෙලා තියෙන ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් එක්ක බැඳිලා තියෙන දේශපාලනඥයෝ කිහිපදෙනෙක්ගේ වුවමනාවන් ඉෂ්ඨ කරන්න විධායකය මේ ආකාරයෙන් තීන්දු තීරණ ගන්නවානම් ඒ හරහා අපිට පේනවා මේ රටේ ස්වභාවික සම්පත්වලට අවසානයේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා.
රටක මේ තත්ත්වයක් ඇතිවෙන්න මේ වගේ තීන්දු තීරණ පමණක් නෙමෙයි. මේ ක්‍රියාවලිය හරහා අපිට පේනවා නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා තියෙනවා. කටවචනයෙන් දෙන දේවල් චක්‍ර ලේඛ ලෙස ක්‍රියාත්මක කරන තත්ත්වයකට රට පරිවර්තනය වෙනවනම් එතකොට නිලධාරීන් ලොකු අකර්මන්‍ය තත්ත්වයකට පත්වෙනවා. මොකද ඔවුන්ට තියෙන රැකවරණය සම්පූර්ණයෙන් නැතිවෙලා යනවා. නීතියේ ආධිපත්‍ය කියන එක විතරක් මදි. අධිකරණයේ ස්වාධීනත්වය කියන එක මත තමයි පරිසර සුරක්ෂිතතාවය තවදුරටත් වර්ධනය කරන්න පුළුවන් වෙන්නෙ. පරිසර යුක්ති කේන්ද්‍රය පරිසර සංවිධානයක් විදිහට ලොකු කාර්යභාරයක් ඉටුකරනවා මේ වගේ බොහෝ දේවල්වලට අධිකරණය හමුවට යනවා. අධිකරණ පද්ධතිය තුළ මේවට තීන්දු තීරණ ලැබෙනවා වෙනුවට සමහර ප්‍රශ්නවලට ලොකු දින ඉදිරියට යාම් සිද්ධ වෙන්නෙ. ගැටලුව තමයි විනාශය කරන පුද්ගලයෝ ඊට වඩා වැඩි වේගයෙන් විනාශය සිද්ධ කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය විතරක් නෙමෙයි අධිකරණයේ කාර්යක්ෂමතාවය ඊට අමතරව නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම ඒ වගේම පාර්ලිමේන්තුවේ වගකියන තත්ත්වයක් ඇතිකිරීම. මොකද විධායකය පාර්ලිමේන්තුවට වග නොකියන තත්ත්වයකදී අපිට කියන්න බැහැ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන අන පනත් ක්‍රියාවෙහි යොදවන්න හදලා තියෙන ප්‍රතිපත්ති ව්‍යුහයන් සහ හදන චක්‍ර ලේඛ ඒවා නිවැරදි පරිදි ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් ඇති නොවුනොත් එහෙම අපිට පරිසර සංරක්ෂණය කියන එක හුදකලාව ඇතිකරන්න බැහැ. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, නිලධාරීන්ට බලපෑමකින් තොරව ක්‍රියාත්මක වෙන්න තියෙන පසුබිම වන්න පුළුවන් මේ සියල්ලම එකතුවුණු තැන තමයි පරිසර සංරක්ෂණය ගොඩනැගෙන්නෙ.