Vat බදු ඉහළ යාම පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීමටත් බලපානවා – ජෝශප් ස්ටාලින්

Date:

නව වසර උදාවේ සිට ක්‍රියාත්මක වැට් බදු ඉහළ දැමීම අභ්‍යාස පොතේ සිට පාසල් ප්‍රවාහන සේවාව දක්වා
බලපෑම නිසා රට තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානමක් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ජනවාරි 02 වැනි අගහරුවාදා අවධාරණය කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බදු බර නොපටවන ලෙස සෑම පාර්ශවයක්ම ඉල්ලීම් කළද රජය “හිතක් පපුවක් නොමැතිව” මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි.

“මේ වෙන කොට පාසල් වෑන් රථ, ළමයි ප්‍රවාහනය කරන අය දැන් පැහැදිලිව ප්‍රකාශ කරලා තියනවා ඔවුන් පෙබරවාරි මාසයේ පාසල් ආරම්භ කරාම පාසල් වෑන් රථ ගාස්තුවත් වැඩි කරනවා කියලා.”

ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා වැඩි දුරටත් ප්‍රශ්න කළේ සියළු පාසල් උපකරණ සදහා වැට් බදු පැනවීම නිසා ජනතාව ජීවත් වන්නේ කෙසේද යන්නයි.

“දෙමව්පියන්ට ගෑස් එකේ ඉදන්ම ගන්න සියළුම උපකරණ වලට 18% ගානේ බදු ගහලා ළමයිගේ අධ්‍යාපනයේ ඉදන් සියළු දේට 18% ගානේ බදු ගහලා, සපත්තුවේ, මේස් එකේ ඉදන් බෑග් එක දක්වාත් බදු ගහලා ප්‍රවාහන ගාස්තුත් වැඩි කරාට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද ?”

රටේ දුගී දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කිරීම ආණ්ඩුවේ අරමුණ දැයි වෘත්තීය සමිති නායකයා එහිදී ප්‍රශ්න කළේය.

“ආණ්ඩුවට ඕනේ අධ්‍යාපන පද්ධතිය ගෙනියන්නද, එහෙම නැත්නම් මේ රටේ අධ්‍යාපනය අවාසිදායක මට්ටමේ පරිධියේ ජීවත් වෙන, හැකියාවක් නොමැති දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්නද?

පාසල් දරුවන් ලක්ෂ 11 වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 100 ක මුදලක් වෙන් කරමින් සිදු කරන පෝෂණ ව්‍යාපෘතිය වැට් බදු වැඩි කිරීම හරහා මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මෙහිදී පැහැදිලි කර ඇත.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...