කෝච්චි පාරේ බස් රථය පැද වු රියදුරු රිමාන්ඩ්

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු ජුනි මස 14 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

පොලීසිය විසින් සැකකාර රියදුරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙන බව සඳහන්.

සැකකාර රියදුරු ඇඹිලිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලීසියට භාරදී තිබුණා.

මෙහිදී පොලීසිය විසින් සැකකාර රියදුරුට එරෙහිව චෝදනා රැසක් ගොනුකර තිබෙනවා.

මිනී මැරීමට තැත්කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, රජයේ දේපොළවලට අලාභහානි සිදුකිරීම ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනා වනවා.

පසුගිය 02 වනදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමග සැකකාර රියදුරු පුවක්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර බස් රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...