Breaking News

සුනිල් හඳුන්නෙත්තිව අවභාවිතා කළ බවට පැමිණිල්ලක් 

දෙසැම්බර්  24 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා තමන්ගේ නම ඡායාරූප සහ තොරතුරු ව්‍යාජ ලෙස භාවිතා කරමින් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් තමන්ගේ හිතවතුන්ගෙන් මුදල් එකතු කරන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා . පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ තමන් වැනි දේශපාලකයින් ගේත් තොරතුරු අවභාවිතා කරමින් වංචා සහගත ලෙස ජනතාව  රවටා ජාවාරම් කරන්නේ නම්  අනෙකුත් පුද්ගලයන්ව සහ ඔවුන්ගේ තොරතුරු වංචනීක ලෙස භාවිතා කරමින් මෙවැනි ක්‍රියා කිරීම ඉතා බරපතල බවයි .

වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ  කළ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ

ව්‍යාජ වට්සැප් අංකයක් ඔස්සේ තම හිතවතුන්ට සහ දන්න හඳුනන  පුද්ගලයන්ට කතා කරමින් විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ඉල්ලන බවයි . එමන් ඔහු හෝ ඔහුගේ කණ්ඩායමේ කිසිවෙකුත් එවැනි ව්‍යාපෘතියක් සඳහා කිසිවෙකුගෙන් මුදල් ආයාචනා කර නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ  තම හිතවතුන් තමා වෙත දැන් වූ තොරතුරුවලට අනුව මෙම පැමිණිල්ල සිදුකළ බවයි .  මාධ්‍යවේදියෙකු ඇසුවේ ඔහුට තොරතුරු ලබා දුන් අය මුදලුත් ලබා දී තිබේද යන්නයි . අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ තම හිතවතුන් එසේ නොකරන බවයි . මුදල් ලබාදුන් බවට තමන්ට සාක්ෂියක් නොමැති බවත් ඔවුන්ට ආදරය කරන නොදන්නා අය වංචනීක පිරිසට මුදල් ලබා දී තිබේද යන්න පිළිබඳව තමන්ට අදහසක් නොමැති බවයි .

කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ල කළ බවයි .

leave a reply