Breaking News

කතානායකත් රනිල්ට පස්ස හරවයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝග අනුව ක්‍රියාකරන්නැයි නීතිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට උපදෙස් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන නීතිපති උපදෙස් ඉල්ලා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මේ බව පවසා ඇත.

මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇති ගැටළුව පිළිබඳව අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා තිබේ.

කථානායකවරයා සඳහන් කළේ, අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

එවැනි පදනමක් තුළ සාකච්ඡා සඳහා යොමු නොවන බව ඔහු සඳහන් කළා.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව ජනාධිපතිවර​යා කියා සිටියේ, පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව අගවිනිසුරුවරයා සහ කථානායක සමග සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.

leave a reply