කතානායකත් රනිල්ට පස්ස හරවයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝග අනුව ක්‍රියාකරන්නැයි නීතිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට උපදෙස් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන නීතිපති උපදෙස් ඉල්ලා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මේ බව පවසා ඇත.

මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇති ගැටළුව පිළිබඳව අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා තිබේ.

කථානායකවරයා සඳහන් කළේ, අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

එවැනි පදනමක් තුළ සාකච්ඡා සඳහා යොමු නොවන බව ඔහු සඳහන් කළා.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව ජනාධිපතිවර​යා කියා සිටියේ, පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව අගවිනිසුරුවරයා සහ කථානායක සමග සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව...

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...