Breaking News

මෝදිගේ බහුතරයේ සිහිනය බිඳ වැටුණු හැටි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තෙවැනි වරටත් ජයග්‍රහණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පාලක එන්ඩීඒ සන්ධානය මේ වන විට ආසන 274ක් දිනා ගෙන ඇත. නමුත් භාරතීය ජනතා පක්ෂයට තනිව දිනා ගැනීමට හැකි වූ ආසන සංඛ්‍යාව 228 කි.

පාලක සන්ධානයට අයත් තෙලිඟු දේශසම් පක්ෂය ආසන 12ක්, ජනතා දාල් (එක්සත්) පක්ෂය ආසන 12ක්, ලෝක් ජනශක්ති පක්ෂය ආසන 5ක් සහ ජනතා දාල් පක්ෂය ආසන 12ක් ජය ගෙන ඇත.

එමෙන්ම විපක්ෂ වූ ඉන්දීය සන්ධානයට ආසන 193ක් හිමිව තිබේ.

කොංග්‍රස් පක්ෂ ආසන 88ක් දිනා ඇති අතර සමාජවාදී පක්ෂය ආසන 36ක්, ට්‍රනමූල් කොංග්‍රසය ආසන 29ක්, DMK පක්ෂය ආසන 15ක්, ශීව් සේනා පක්ෂයට ආසන 7ක්, ෂාරද් පවර්ගේ ජාතිකවාදී කොංග්‍රස් පක්ෂයට ආසන 4ක්, යුවජන ශ්‍රමික රයිතු කොංග්‍රස් පක්ෂයට ආසන 4ක් හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ආසන 4ක් ජය ගෙන ඇත.

මෙවර ඉන්දීය මැතිවරණයෙන් කැපී පෙනෙන කාරණයක් වූයේ මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට එහි සම්පූර්ණ පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමය.

මෙවර මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ මැතිවරණ ව්‍යාපාරයේදී අගමැති මෝදි විසින්ම තබා ගත් ආසන 400 ඉලක්කයට වඩා බෙහෙවින් අඩු ආසන සංඛ්‍යාවකි.

නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ පාලක සන්ධානය ඉන්දීය මහා මැතිවරණයෙන් ආසන 543 න් 400 ක් දිනා ජයග්‍රහණය ලබා ගැනීමට ඉලක්ක කරන විට ඊට සමච්චල් කළ පිරිසක් ද සිටියහ.

දශකයකට පෙර බලයට පත් වූ දා සිට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය බොහෝ දුරට නවතාලිය නොහැකි බලවේගයක් බවට පත්විය.

නමුත් සමහර ප්‍රධාන මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල දෙස බලන විට – භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා පූජනීය නගරයක් වන අයෝධ්‍යාවෙන් පරාජය වී ඇත – ඒ අනුව එය අපේක්ෂිත බලපෑමක් ඇති කළ බවක් පෙනෙන්නට නැත.

හින්දු ප්‍රමුඛතාව මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ මෙවලමක් ලෙස භාවිතා කිරීම පිළිබඳ මේවනවිට ප්‍රශ්න මතුවෙමින් තිබේ. විශේෂයෙන් එය ප්‍රගතියක් අත්කර ගැනීමට වඩා පෙනෙන්නේ ඇත්තේ ප්‍රතිවිරුද්ධ දෙයකි.

එනම් භාරතීය ජනතා පක්ෂයට එරෙහිව මුස්ලිම් සුළු ජාතීන් එක්සත් කිරීමයි.

එසේම පුරවැසි (සංශෝධන) පනතට එරෙහි ව්‍යාපාරය සහ ගොවීන්ගේ ව්‍යාපාරය රජයේ වඩාත්ම තීරණාත්මක අවස්ථාවන් එනම් ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රයත්නයක් සාර්ථකව නතර කර තිබුණි. මෙම හේතුද මෝදීගේ ඡන්ද අඩුවීමට හේතු වන්නට ඇත.

නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ප්‍රතිවාදීන් විසින් ඉදිරිපත් කරන ලද සුබසාධන යෝජනා ක්‍රම දකුණු ඉන්දියාවේ ඡන්දදායකයින් සමඟ වඩා හොඳ සම්බන්ධයක් ගොඩ නගා ගන්නා ලදී.

භාරතීය ජනතා පක්ෂය 2019 දී කර්නාටක ප්‍රාන්තයේ පමණක් ආසන 25ක් දිනා ගත්තේය. නමුත් මෙවර එම ප්‍රාන්තයේදීම කොංග්‍රස් පක්ෂය හමුවේ අවම වශයෙන් ආසන 10ක් අහිමි වී තිබේ.

කේරළයේ කොමියුනිස්ට් රජය සහ කොංග්‍රසය ප්‍රමුඛ පෙරමුණ විසින් භාරතීය ජනතා පක්ෂය ලෝක් සභාවෙන් ඉවත් කර ඇති බව පෙනේ. තමිල්නාඩුවේ, DMK ප්‍රමුඛ සන්ධානය එහි 2019 වසරේ ලද බලය යළි තහවුරු කරගනිමින් සිටියි.

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හෝ අග්‍රාමාත්‍යවරයා ලෙස ගතවූ ධූරකාල දෙකේදී නරේන්ද්‍ර මෝදි පූර්ණ බහුතර බලය සහිතව භාරතීය ජනතා පක්ෂ රජයක් පවත්වාගෙන ගෙන යන ලදී.

හවුල්කාර පාර්ශ්වකරුවන් ඔහුට සහයෝගය ලබාදීමට පැමිණිය ද මෝදිගේ ආණ්ඩුවේ අනාගතය ඔවුන්ට පැවරී තිබුණේ නැත.

සන්ධානයේ හවුල්කාර පාර්ශවයන්ගේ අපේක්ෂා සහ සංවේදීතාවන් පිළිබඳව මෝදි වඩාත් සැලකිලිමත් විය යුතුව තිබේ.

එය ඔහුට පහසු නොවනු ඇති බව විශ්ලේෂකයෙක් සඳහන් කරයි.

ඉන්දියාවට සභාග දේශපාලනයට අලුත් අත්දැකීමක් නොවේ, නමුත් සභාග ආණ්ඩු බොහෝ විට අස්ථාවරත්වයට පත්වීමේ අවදානමක් ඇත. එබැවින් ඒ සඳහා අනුවර්තනය වීමේ හැකියාව නරේන්ද්‍ර මෝදිට සහ භාරතීය ජනතා පක්ෂයට පරීක්ෂණයක් වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

leave a reply