වත්මන් බදු ප්‍රතිපත්තියට ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමයේ විරෝදය

Date:

වත්මන් ආර්ථික අර්බුධය හමුවේ එහි බර වෘත්තීයවේදීන් සහ සුළු ව්‍යාපාරිකයින් මත පටවන වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය ඵල කරමින් ඉංජිනේරු සේවා වෘත්තීයවේදි සංගමය විසින් අද පෙරවරු 10.00ට මාධ්‍ය හමුවක් කැදවනු ලැබුවා..
.
භාණ්ඩ සහ සේවා මත විශාල බද්ධක් පනවා තිබියදී උද්ධමනය සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති වටපිටාවක වෘත්තීයවේදීන් සහ සුළු ව්‍යාපාරිකයින් පමණක් නොව අහිංසක ජනතාවද ජීවත් වූයේ ඉතාම අපහසු කොන්දේසි යටතේය.. විදුලි ගාස්තු, ජල ගාස්තු, දුරකථන ගාස්තු, අධ්‍යාපන වියදම්, සෞඛ්‍ය වියදම්, නිවාස සහ ඉදුම් හිටුම් වියදම් පමණක් නොව ඇදුම් පැළදුම් ආහාර පාන වියදම් ද කීපගුණයකින් ඉහළ දමා ඇති වපසරියක අපි ජීවත් වීමු.. මේ අතරට බැංකු ණය ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ද ඉහළ දමා තිබේ.. සියළුම බර වෘත්තීයවේදි සහ සෙසු ජනතාව මත විවිධ මට්ටම් වලින් පටවා ඇත.. මෙය දැරීම අපහසු වූ වටපිටාවක IMF යෝජනා ක්‍රියාත්මක කරමින් උපයනවිට බද්ධක් පනවා ඇත.. මෙය සෘජුවම බලපා ඇත්තේ වෘත්තීයවේදින් මතය.. විශේෂයෙන් රාජ්‍ය ආදායම් ලැබිය හැකි අංශ (විවිධ ආයතන සතු සම්පත්) පෞද්ගලික හිතවතුන්ට සහ සමාගම් වලට විකුණමින් රාජ්‍ය ආදායම අහිමි කරගන්නා අතර එහි බර වෘත්තීයවේදින් මත පටවා ඇත.. 76%ක් පමණ වූ බදු නොගෙවන සමාගම් වලින් බදු අයකරගැනීම පසෙක ලා වෘත්තීයවේදින් මත බදු බර පටවා ඇත.. ආනයන අපනයන හරහා සමාගම් වලින් ඩොලර් වංචා කරන පසුබිමක ඊට පිළියම් යොදන්නට අසමත් ආණ්ඩුවක් ජනතාවට බදු බර පටවා ඇත..
..
බදු අයකරගැනීම කළ යුතුය.. කබලෙන් ලිපට වැටුණු ජනකොටස් වලින් හිසටත් ඉහළින් බදු බර පැටවීම පිළිගත නොහැකිය.. මෙම අය කරගන්නා බදු, පෙරළා ජීවන අපහසුතා තිබෙන ජනතාවට ප්‍රතිලාබ ලබා නොදේ.. එවැන්නක් පිළිබද කිසිදු වැඩ පිළිවෙලක් නැත.. පැහැදිළිවම මෙය රජයේ අසමත්කම වසා ගැනීමකි.. මෙම බදු ප්‍රතිපත්තිය විසින් පෙරලා අත් කරදෙන ඉරණම රටට සමාජයට සුබ නම් නොවනු ඇති..
..
මෙම මාධ්‍ය හමුව සදහා මෘදුකාංග ඉංජිනේරු ලසන්ත නාගොඩ, මෘදුකාංග ඉංජිනේරු ශමීන් වීරරත්න, සිවිල් ඉංජිනේරු දිනේෂ් යසවර්ධන යන සංගමයේ මධ්‍යම කමිටු සාමාජිකයින් සම්බන්ධ වීය..

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...