වත්මන් ආර්ථික අර්බුධය හමුවේ එහි බර වෘත්තීයවේදීන් සහ සුළු ව්‍යාපාරිකයින් මත පටවන වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය ඵල කරමින් ඉංජිනේරු සේවා වෘත්තීයවේදි සංගමය විසින් අද පෙරවරු 10.00ට මාධ්‍ය හමුවක් කැදවනු ලැබුවා..
.
භාණ්ඩ සහ සේවා මත විශාල බද්ධක් පනවා තිබියදී උද්ධමනය සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති වටපිටාවක වෘත්තීයවේදීන් සහ සුළු ව්‍යාපාරිකයින් පමණක් නොව අහිංසක ජනතාවද ජීවත් වූයේ ඉතාම අපහසු කොන්දේසි යටතේය.. විදුලි ගාස්තු, ජල ගාස්තු, දුරකථන ගාස්තු, අධ්‍යාපන වියදම්, සෞඛ්‍ය වියදම්, නිවාස සහ ඉදුම් හිටුම් වියදම් පමණක් නොව ඇදුම් පැළදුම් ආහාර පාන වියදම් ද කීපගුණයකින් ඉහළ දමා ඇති වපසරියක අපි ජීවත් වීමු.. මේ අතරට බැංකු ණය ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත ද ඉහළ දමා තිබේ.. සියළුම බර වෘත්තීයවේදි සහ සෙසු ජනතාව මත විවිධ මට්ටම් වලින් පටවා ඇත.. මෙය දැරීම අපහසු වූ වටපිටාවක IMF යෝජනා ක්‍රියාත්මක කරමින් උපයනවිට බද්ධක් පනවා ඇත.. මෙය සෘජුවම බලපා ඇත්තේ වෘත්තීයවේදින් මතය.. විශේෂයෙන් රාජ්‍ය ආදායම් ලැබිය හැකි අංශ (විවිධ ආයතන සතු සම්පත්) පෞද්ගලික හිතවතුන්ට සහ සමාගම් වලට විකුණමින් රාජ්‍ය ආදායම අහිමි කරගන්නා අතර එහි බර වෘත්තීයවේදින් මත පටවා ඇත.. 76%ක් පමණ වූ බදු නොගෙවන සමාගම් වලින් බදු අයකරගැනීම පසෙක ලා වෘත්තීයවේදින් මත බදු බර පටවා ඇත.. ආනයන අපනයන හරහා සමාගම් වලින් ඩොලර් වංචා කරන පසුබිමක ඊට පිළියම් යොදන්නට අසමත් ආණ්ඩුවක් ජනතාවට බදු බර පටවා ඇත..
..
බදු අයකරගැනීම කළ යුතුය.. කබලෙන් ලිපට වැටුණු ජනකොටස් වලින් හිසටත් ඉහළින් බදු බර පැටවීම පිළිගත නොහැකිය.. මෙම අය කරගන්නා බදු, පෙරළා ජීවන අපහසුතා තිබෙන ජනතාවට ප්‍රතිලාබ ලබා නොදේ.. එවැන්නක් පිළිබද කිසිදු වැඩ පිළිවෙලක් නැත.. පැහැදිළිවම මෙය රජයේ අසමත්කම වසා ගැනීමකි.. මෙම බදු ප්‍රතිපත්තිය විසින් පෙරලා අත් කරදෙන ඉරණම රටට සමාජයට සුබ නම් නොවනු ඇති..
..
මෙම මාධ්‍ය හමුව සදහා මෘදුකාංග ඉංජිනේරු ලසන්ත නාගොඩ, මෘදුකාංග ඉංජිනේරු ශමීන් වීරරත්න, සිවිල් ඉංජිනේරු දිනේෂ් යසවර්ධන යන සංගමයේ මධ්‍යම කමිටු සාමාජිකයින් සම්බන්ධ වීය..
…
Breaking News
-
කොළඹ වරාය තුළ මතුව ඇති බාහලුම් තදබදය අවම කිරීම සඳහා බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ අක්කර 2.5 බිම්කඩක්…
-
කැලණියේදී ඩඩ්ලිව මාධ්‍යවේදීන්ට හමුවීම අද කැලණිය පැත්තෙ ඩඩ්ලි කරක් ගහන බව දැන ගත් මාධ්‍යවේදීන් කීප…
-
මගේ කාමරය අඳුරේ ගිලී ගිය මොහොතේ සිට තදින් දෑස් පියා නින්දට වැටෙන්නට උත්සාහ කලෙමි. දෑස්…
-
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති බවත් එය ජනාධිපතිවරයා…
-
ලෝකයේ විමුක්තිකාමී මිනිස් මැදිහත්වීම් සතු උරුමය දරා ගනිමින් සමසමාජ ව්‍යාපාරයේ සිට මෙරට ප්රගතිශීලී කලා සංස්කෘතික…
-
මේ වනවිට කල් ඉකුත් වී වසර තුනකට ආසන්න වන ඉතාලි රජය සහ ලංකා රජය අතර…
-
ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ කැණීමකදී 2024.08.13 අහඹු ලෙස මතුවූ…
-
ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ එම තනතුරෙන් ඉවත් ව තිබේ. මෙම ඉල්ලා…
-
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වීමත් සමඟ මෙය රටේ ආර්ථිකයට කෙසේ බලපාවිද…
-
මර්දනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙන් මෙවර කළු ජනවාරි සැමරුම් කිහිපයක් අද රටේ…