වරාය නගරය ව්‍යාපාතියට වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවන්න ඇති මුදල් ගෙවා නැහැ

විශාල පාරිසරික හානියක් සිදු කරමින් මුහුද ගොඩ කරමින් ඉදිකරනු ලැබූ වරාය නගරයේ එම ව්‍යාපාතිය මගින් වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් මෙි වන තෙක් ගෙවා නිම කර නොමැති බව වාර්තා වී ඇත.

මුහුදෙන් වරාය නගර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වැලි ලබා ගැනීම වෙනුවෙන් පරිසර සංවිධාන විරෝධතාවය මත වරාය නගර ව්‍යාපෘතියට වැලි ලබාගැනීම වෙනුවෙන් අවසර ලබාදෙන ලදී .

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වරාය නගර ව්‍යාපෘතියේ පරිසර තක්සේරු වාර්ථාවෙි අඩුපාඩු පෙන්වා දෙමින් 2014 වසරේ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොණු කල අතර එහිදි රජය පාර්ශවයෙන් පැමිණි මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙින්තුව මෙම ව්‍යාපෘතිය ඉතාමත් වටිනා ව්‍යාපෘතියක් ලෙස සාධාරණීකරණය කල අතර එම පැමිණිල්ලේ ප්‍රතිපලයක් ලෙස නැවත පරිසර තක්සේරැ වාර්ථාවක් කරන ලෙස අදාල ආයතන වෙත දැනුමි දෙන ලදි. නමුත් එම ක්‍රියාවලියෙන් අනතුරුව රජය විසින් වැලි ලබාගැනීම සදහා වැලි බලපත්‍රය නිකුත් කරන ලදි .

වැලි බලපත්‍ර අංක IML/A/HO/8328 16/09/2014 .මගින් වැලි කියුබ් තිස් හතර ලක්ෂ අසූපන්දහස් අටසිය විසි තුනක් (3.485,823) ක් සඳහා වන රුපියල් වන රුපියල් 557,731,680 ක රාජ්‍ය භාගය මෙි වන තෙක් ගොවා නොමැති ඒ බව දෙදහස් දහසයේ විගණකාධිපති වාර්ථාව පෙන්වා දී ඇත. නමුත් රජයක් ලෙස වරාය නගර ව්‍යාපෘතිය මගින් රටෙි ස්භාවික සම්පත් භාවිතාකර ඒ වෙනුවෙන් රජය අයකරගන්නා රාජ්‍යභාගය ගෙවිම පවා මග හැර ඇත. එසේ වරාය නගර ව්‍යාපෘතිය මගින් රජයට ගෙවිය යුතු රාජ්‍ය භාගය ගෙවා නැති වුවද ඒ සදහා කිසිදු නිතිමය ක්‍රියාමාර්ගයක් මෙය ඉදිකරනු ලබන චයිනා කමිනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කමිපැණි ආයතනයට විරුද්ධව ගෙන නොමැත. 2017 වර්ෂය වන විට හිඟ මුදල් ⁣ගෙවු බවට භූ විද්‍යා හා පතල් කාර්‍යංශයේ අයකැමි මුදල් පොත් වල සටහන් වී ඇති අතර එලෙස අය වු මුදල භූ විද්‍යා හා පතල් කාර්‍යංශයට නොලැබුන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ඉතාලියේ සෞඛ්‍යය සහ ආරක්ෂක වියදම්

සෞඛ්‍ය ප්‍රතිපාදන  ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය...

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...

“කොලඹ පැත්ත බාරගත් අය” දැනගත යුතු කාරණා මේවාය !

1- කොළඹ යනු වගුරුබිමකි. නගරයක් ලෙස සංවර්ධනය වීමට පෙර,...

ගම්පහ මහ්ස්ත්‍රාත් මාරුකිරීම – අනුරගේ පොලීසියට බලතල වැඩි කළොත් කොහොම තියෙයිද?

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්...