ගැහැණුන්ට මනුෂ්‍යයන් ලෙස ජීවත් වෙන්න බැරි සමාජය වෙනස් කරන්න ඕනා – හේමමාලි අබේරත්න

ගැහැණුන්ට මනුෂ්‍යයෙක් ලෙස ජිවත් විය නොහැකි සමාජයකින් වැඩක් නොමැති බවත් එය වෙනස් කලයුතු බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි. ඊයේ(මාර්තු 08) ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පැවති සම්මන්ත්‍රණය අවස්ථාවේ අදහස් දැක්වූ ඇය පැවසුවේ පසුගිය අවුරුද්දේ පැවති අරගලය නොනිමි එකක් බවත් එය ඉදිරියටත් රැගෙන යා යුතු බවයි.

මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රකාශ කරන සාධකයක් වුවද එවැනි මැතිවරණවලින් ජනතාවට ඇති වූ සෙත කුමක්දැයි හේමමාලි අබේරත්න පැවසීය.

වැඩකරන ජනතාවගේ, වතු කම්කරු ප්‍රජාවගේ මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ තවමත් නොවිසදුණු ප්‍රශ්නයන් මෙන්ම මෙරටේ සෙසු දිළිඳු ජනතාවත් අද ආරථික ප්‍රපාතයකට ඇද දමා තිබීම ඒ සඳහා උදාහරණයන් බව ඇය පෙන්වා දෙන ලදී.

ඒ අනුව කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාගැනීම වෙනුවෙන් වූ නව සමාජයක් වෙත යාමට අරගල පෙරට ගත යුතු බවද හේමමාලි අබේරත්න මෙහිදී පැවසීය.

නිදහස උදෙසා කාන්තාවන් වාමාංශික කාන්තා ව්‍යාපාරයක් බව පැහැදිලි කල ඇය එය පුරැෂ විරෝධී නොවන බවත් කාන්තා විමුක්තිය උදා කර ගතහැක්කේ මේ ක්‍රමය පෙරලා දමන සමාජවාදී පාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බව ත් මෙහිදී පැවසීය.

නව නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයට අමතරව ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් සහ පාගමනක් ද පැවැත්වුණි.

https://web.facebook.com/freewomensl/videos/6036691546425693/

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...