Breaking News

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශ්‍රාමික අරමුදල්වලට අත තැබූ එකම රට ලංකාවයි – වාර්තාවක් හෙළිකරයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය (DDR) වෙනුවෙන් වැඩකරන ජනතාවගේ විශ්‍රාමික අරමුදල් පමණක් පාවිච්චි කළ එකම රට ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් වෙරිටේ සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි.

1998 සිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවස්ථා විස්තර කරන ලද “ස්වෛරී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු” නම් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, එවැනි කේන්ද්‍රගත ප්‍රවේශයක් අනුගමනය කළ එකම රට ශ්‍රී ලංකාවයි.

විවිධ රටවල සිදුවූ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ අවස්ථා 14ක් පිළිබඳ විස්තර සදහන් කරන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ ලංකාව හැර අනෙකුත් සෑම රටක්ම බැංකු සහ පුද්ගලික වත්කම් ප්‍රතිව්‍යුහගතකරණයට පාවිච්චි කර තිබේ . ග්‍රෙනාඩා සහ ඝානාව පමණක් ඔවුන්ගේ ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා පොදු විශ්‍රාම අරමුදල් ඇතුළත් කරගෙන ඇති නමුත් එම රටවල් පෞද්ගලික ආයෝජකයන් සහ බැංකු ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ඉවත් කොට නැත.

ලංකාව උපායමාර්ගික ලෙස පුද්ගලික බැඳුම්කර හිමියන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් බලපෑමට ලක් නොවන ලෙස බැහැර කර ඇති බව එම වාර්තාව පේනවා දෙයි. මෙම ප්‍රවේශය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාමාන්‍ය ක්‍රමය නොවන බවද සාමාන්‍යයෙන් එහි විෂය පථය තුළ බැංකු සහ පුද්ගලික හිමිකරුවන් ඇතුළත් වෙන බවද මෙහිදී අනාවරණය කර තිබේ.

ලංකාව පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ කප්පාදුවට ලක් කරනු ලැබුවේ විශ්‍රාමික අරමුදල්වලින් ලබාගෙන තිබූ ණය පමණි. විසේශයෙන් EPF අරමුදල් වෙත බලපාන පොළිය 9% දක්වා අඩුකරන ලදී. මෙම පොළිය වසර 15ක් දක්වා ක්‍රියාත්මක වේ. ජනතාවගේ විශ්‍රාමික අරමුදල්වලට මෙවැනි අඩු පොළියක් හිමිවෙද්දී පුද්ගලික බැඳුම්කර හිමියන් හිමියන්ට 28%ක පමණ පොළියක් රජයෙන් ගෙවමින් සිටියි.

https://publicfinance.lk/en/topics/exceptionalism-of-domestic-debt-restructuring-in-sri-lanka-1691519159

 

leave a reply