තෙල් මිල අඩුවීමෙන් බහුතර ජනතාවකට සහනයක් නෑ

අති බහුතරයක් දෙනා භාවිතා කරන ඔක්ටේන් 92 පෙට්‍රල් මිල සංශෝධනය නොවීම සහ 95 පෙට්‍රල් ලීටරයක් රු.7කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රු.72 කින් පහළ දමා තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනක් සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කර තිබෙනවා.

ඇමතිවරයාගේ තෙල් මිල අඩුකිරීමේ සුත්‍රය කුමක්ද යන්න සිතා ගත නොහැකි අතර නැති බැරි මිනිහාගෙන් අරගෙන ඇති හැකි අයට දෙන පිළිවෙතක් අනුගමන කරමින් පවතින බවට මත පළවෙමින් තිබේ.

මේ වන විට ඉන්ධන මිලෙහි වෙනස් වීමක් සිදු වී තිබුණද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසයි.

සුපර් ඩීසල්වල මිල පමණක් අඩු වීම හේතුවෙන් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

එහි තේරුම යනු මෙම මිල අඩුවීමේ සහනය කිසිසේත් බහුතර සාමාන්‍ය ජනතාවට නොලැබෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...